රියදුරු හිගයෙන් දුම්රිය 24ක් අවලංගු කෙරේ

රියදුරු හිගයෙන් දුම්රිය 24ක් අවලංගු කෙරේ

රියදුරු හිඟය හේතුවෙන් අද (06) දිනය තුළ ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය ගමනා ගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා පැවසීය. වයස අවුරුදු 60න් රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ තීරණය හේතුවෙන් ඇතිව තිබෙන දුම්රිය රියදුරන්ගේ හිඟය මත එම තීරණය ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

රියදුරු හිඟය හේතුවෙන් “උදයදේවීත්“ නවතී

පවතින රියදුරු හිඟය හේතුවෙන් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන උදයදේවී දුම්රියේ ධාවන කටයුතු නතරකර තිබේ. පසුගිය සිකුරාදා සිට අදාළ දුම්රියේ ධාවන කටයුතු නතර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. රියදුරන් විශ්‍රාමයාමත් සමඟ දුර ගමන් ධාවනය වන දුම්රිය සඳහා සිටි රියදුරන්ගේ හිඟයක් මතුව තිබේ. ඒ හේතුවෙන් ඇතැම් රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

මේ අතර ප්‍රවාහන ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා වයස හැට ඉක්මවු කිසිවෙකු නැවත සේවයේ නොයෙදිය යුතු බව එතුමාගේද අදහස වන අතර දුම්රියන් කිහිපයක් අවලංගු කර හෝ සේවය හැකි අයුරින් ලබාදෙන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා වෘත්තීය සමිති නිළධාරීන් හමුවේ නිරන්තර උපදෙස් ලබාදීමටද එතුමා කටයුතු කරන බවත්, ඒ අනුව ඉහත දුම්රියන් ඇතුළු දුම්රිය ගමන් වාර 40 කට වඩා දෛනිකව අවලංගුවීම සිදුවන අතර, දුම්රිය එන්ජින් රියදුරු ඇතුළු මෙහෙයුම් කාර්ය මණ්ඩල සදහා විධිමත් අනුමත බදවා ගැනීම් පරිපාටියක් නොමැතිවීම නිසා දුම්රිය එන්ජින් රියදුරු බදවාගැනීම් හා උසස්වීම් ලබාදීමට නොහැකිව ඇති බව දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිතියේ ප්‍රකාශකයකු “වැඩබිම“ සමග පැවසීය.