විසඳුමක් නෑ - වර්ජනය දිගටම

විසඳුමක් නෑ - වර්ජනය දිගටම

ජනාධිපතිවරයා හා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාව, වෘත්තීය සමිති ක්‍රියමාර්ග නතර කිරීම සඳහා ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව එම සාකච්ඡාවට සහභාගි වූ වෘත්තීය සමිති නායකයකු “වැඩබිම“ සමග පැවැසීය.

කෙසේ වෙතත් අද(14) දිනය තුළත් හෙට(15) දිනත් සැලසුම් කල පරිදි විරෝධතා උද්ඝෝෂණ හා වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

අද දවස තුළ ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් එය සලකා බැලීම සඳහා තම වෘත්තීය සමිති එකමුතුව සුදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.