සෞඛ්‍ය වැඩ වර්ජනය පිළිබඳව ලේකම්වරයා දැනුවත් කරයි

සෞඛ්‍ය වැඩ වර්ජනය පිළිබඳව ලේකම්වරයා දැනුවත් කරයි

2023.03.15 දින පැවැත් වන වැඩ වර්ජනය පිළිබඳව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම්දෙමින් පවසන්නේ ඉල්ලීම් විසඳීම සඳහා ආණ්ඩුව මේ දක්වා ක්‍රියා නොකිරීම නිසා වැඩ වර්ජනය කිරීමට සිදුව ඇති බවත් එහිදී මහජනතාවට ඇතිවන අපහසුතාවයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වන්නේ,

පහත සඳහන් කරනු ලබන ඉල්ලීම් කිහිපය මුල්කර ගනිමින් අප සංගමය 2023.03.15 දින වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇත. මෙම ඉල්ලීම් පිළිබඳව අප සංගමය ඇතුළු වෘත්තතීය සමිති දිගින් දිගටම ආණ්ඩුව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගන් කීහිපයක් ගෙන ඇත. එහෙත්ත ආණ්ඩුව මෙම ගැටළු විසඳීම සඳහා මේ දක්වාත් කටයුතු කර නැත.

  • ආසාධාරණ ලෙස වැටුපෙන් බදු අයකිරීම,
  • අමතර රාජකාරී දීමනා වලින් 15‍% ක් කපා ගැනීම,
  • බැංකු ණය පොලී අනුපාත ඉහල දැමීම නිසා ණය වාරික ඉහල යාම,
  • විදුලි බිල හා ජල බිල අසාධාරණ ලෙස ඉහල දැමීම,
  • රෝගී ප්‍රතිකාර සේවා පවත්තවා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, උපකරණ හා රසායනික ප්‍රතිකාරක ප්‍රමාණවත්ත පරිදි සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්ත වීම,
  • තුන් ගුණයකින් පමණ ඉහල ගිය ජීවන වියදමට ගැලපෙන ලෙස වැටුප් හෝ දීමනා වැඩි නොකිරීම,
  • මේ දක්වා පැවති විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමට තීරණය කිරීම,
  • රටේ ප්‍රජාතන්ත්‍රවාය අහෝසි කරමින් ආණ්ඩුව විසින් දිගින් දිගටම ජනතාව මර්ධනය කිරීමට කටයුතු කිරීම.

ඉහත සඳහන් කල ඉල්ලීම් විසඳීම සඳහා ආණ්ඩුව මේ දක්වා ක්‍රියා නොකිරීම නිසා වැඩ වර්ජනය කිරීමට සිදුව ඇති බවත් එහිදී මහජනතාවට ඇතිවන අපහසුතාවයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් ප්‍රකාශ කරමු.