රෝහල්වල කළු කොඩි තහනම්

රෝහල්වල කළු කොඩි තහනම්

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබේ.

චක්‍රලේඛයක් මගින් අමාත්‍යාංශය පවසා ඇත්තේ කළු කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ මානසික තත්ත්වය අනතුරේ වැටෙන බවයි.

පවතින සමාජ ආර්ථික තත්ත්වය තුළ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ජීවිත බේරා ගැනීමේ ක්‍රියාවලියට ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ග බාධාවක් වන බව නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම පියවරට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව අඟහරුවාදා තීරණයක් ගන්නා බවයි.