සෞඛ්‍ය ලේකම්වරයා කළු කොඩි දැක්ක එක ගැන අපි සතුටුයි

සෞඛ්‍ය ලේකම්වරයා කළු කොඩි දැක්ක එක ගැන අපි සතුටුයි

කළු කොඩි තහනම් කරලා චක්‍ර ලේක ගහන්න දෙන අවධානය, කළු කොඩි දැමීමේ විරෝධතාවයට අදාල ගැටළු විසඳීමට ලේකම්වරයා චක්‍රලේක නිකුත් කලානම්, කළු කොඩ් ටික අපිටම ගලවා ගත හැකි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සෞඛ්‍ය සේවාවේ නොවිසඳන ගැටළු සදහා අනිවාර්‍ය වර්ජනයකට යායුතු තත්ත්වයක් හමුවේ, කලු කොඩි දමා විරෝධතා පල කරන්නේ සෞඛ්‍ය සේවාව පවත්වා ගනිමින් විරොධය දැක්වීම සඳහා බව දැන දැනම, කළු කොඩි තහනම මගින් වර්ජනයක් දෙසට, විරෝධතාවයකට තල්ලු වෙන බව, ලේකම්වරයා සිහි තබා ගත යුතු බවයි.