රාජ්‍ය සේවයේ රැකියා සඳහා තවත් පිරිසකට අවස්ථාවක්

රාජ්‍ය සේවයේ රැකියා සඳහා තවත් පිරිසකට අවස්ථාවක්

රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 

 මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්  ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ, කඩිනමින් අදාළ බඳවා ගැනීම් සිදුකරන බවයි.

 ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව, 1,035 ක්.

 ඊට අමතරව කොන්දොස්තරවරු 450 දෙනෙකුගේ ද, හිඟයක් පවතින බව ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ ය.

 නව බඳවා ගැනීම් හරහා පුරප්පාඩු සංඛ්‍යාව අඩුවන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ ය.