රාජ්‍ය සේවකයින්ගේ කොටසකගේ වැටුප ගැන තීරණයක්

රාජ්‍ය සේවකයින්ගේ කොටසකගේ වැටුප ගැන තීරණයක්

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මාර්තු මස 9 වන දා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වු මුලික වැටුප ගෙවීමට ඊයේ (03) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේ දී ජගත් කුමාර මන්ත්‍රීවරයා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, එළැඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර සියලුදෙනාටම මුලික වැටුප හිමිවන බවය.