වෘත්තීය ක්‍රියාමාර්ග මඩින්න අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් වෙයිද?

වෘත්තීය ක්‍රියාමාර්ග මඩින්න අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් වෙයිද?
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්  විසින් පාසල් සිසුන්ගේ විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම නොකළහොත්, ඉදිරියේදී අධ්‍යාපන ක්ෂේත්‍රය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවාක් බවට ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
 
කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බවත්, මේ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා බවත්, අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
 
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද කියා සිටියේය.
 
"අධ්‍යාපනය, විශේෂයෙන් විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම පිළිබඳව මම කල්පනා කරමින් ඉන්නවා. සමහරු කෑගහන්න පුළුවන්. එහෙත් රටක් වශයෙන් එය ඉතා ජනප්‍රිය තීරණයක් වේවි. දෙවනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග කමිටු. හදිසි නීතිය යටතේ ඒ දෙකම ගෙන එන අතර ඒ අනුව නීති කෙටුම්පත සැකසිය හැකි වේවි. ඉන් එකක් ගැන තීරණයකට එළඹෙන්න. පසුගිය වර උත්තර පත්‍ර ඇගයීමට සහභාගි වූ සියල්ලන් මේ සඳහා ඉදිරිපත් විය යුතුයි. එසේ නොවුණහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන දේපළ පවරා ගන්නත් මම සූදානම්. එය සහන පමා කාලයක් නොවෙයි. බංකොලොත්භාවයට පත්වීමක්. එපමණයි."
 
"ඔබට ළමුන්ගේ අධ්‍යාපනය නතර කළ නොහැකියි. එය මොනතරම් අමනෝඥ ක්‍රියාවක්ද ? එක් ක්‍රියාමාර්ගයක් තෝරාගෙන දැනුම් දෙන්න. ලබන සතිය වන විට මම නීතිපතිවරයා දැනුවත් කරනවා හදිසි නීති ක්‍රියාමාර්ග සඳහා සූදානම් වන ලෙස. මම දන්නේ නැහැ කවර මන්ත්‍රීවරු එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරයිද කියා. මම නම කියා ඡන්දය විමසීමක් ඉල්ලා සිටිනවා. කිසිවෙකුට ළමුන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඊට ඉඩදිය නොහැකියි. කම්කරු නීති එන්නේ පස්සේ. එය අමතක කරන්න. මට අවශ්‍ය විභාග සහ පාසල් ක්‍රියාත්මක කිරීමයි. දැන් කම්කරු නීති ගැන කතා කර වැඩක් නැහැ. ඔබ මේ සතිය අවසන් වන විට විසදුමකට පැමිණිය යුතුයි."
 
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් බදු ප්‍රතිපත්තියට එරෙහිව ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස පාසල් සිසුන්ගේ විභාගවල පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම මෙහෙයවීමට මෙතෙක් කැමැත්ත ප්‍රකාශ කර නැත.