ඖෂධ හිඟය උග්‍ර අතට - වෛද්‍ය චමල් සංජීව

ඖෂධ හිඟය උග්‍ර අතට - වෛද්‍ය චමල් සංජීව

රුපියල් බිලියන 40 කට ආසන්න පසුගිය කාලසීමාවේ මෙරටට ගෙන්වන ලද ඖෂධ වලට අදාල හිඟ බිල්පත් නොගෙවීම නිසා ද රටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න මතුවන නිසා මේ වන විට මෙරට සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා (2023. 04. 20) දින පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ඖෂධ හිඟයට හේතුව දොල අර්බුදයක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භයේ දී පැවසූ අතර ආදායම රුපියල් බිලියන හතලිහකට ආසන්න හිඟ බිල්පත් නොගෙවීම නිසා මුදල් නැතත් ඖෂධ ගෙන්වාගැනීම දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.

එතරම් විශාල හිඟ බිල්පත් ප්‍රමාණයක් නිර්මාණය වන තුරු නිසි පරිදි මූල්‍ය කළමනාකරණය නොකිරීම සැක කටයුතු බව ද ඒවාට වගකිව යුතු දේශපාලකයින් හා නිළධාරීන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම මේ රටේ බදු මුදල් ගෙවන ජනතාවට විශාල අසාධාරණයක් බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

ඖෂධ හිඟයට හේතුව ගොඩක් අර්බුදය පමණ දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කළ අතර ඉන්දියාවේ ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඖෂධ ගැනීමේ යාන්ත්‍රණය නිලධාරීන්ගේ ප්‍රමාදයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරය අතර පැවති පරිපාලන මේ හේතූන් මත බොහෝ දුරට අඩාල විය.

මේ අතර ඖෂධ හිඟයට පිළියමක් ලෙස හදිසි ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු වූ අතර එසේ හදිසි ඖෂධ මිලදී ගැනීම් වල දී සහ අධිකාරියේ විද්‍යාඥ ක්‍රමවේදයන් අනුගමනය නොකරන බවට තමන් දිගින් දිගටම පෙන්වා දුන් අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් ඒවා අභූත චෝදනා එල්ල කරමින් ප්‍රතික්ෂේප කළ නමුත් තමන් හෙළිකළ යථාර්ථය දැන් සත්‍යක් බවට පත් වෙමින් පවතින බවද ඒ මහතා පැවසීය.

ඖෂධ හිඟයක් පැවතීම හරහා හදිසි ඖෂධ මිලදී ගැනීම් වලින් දේශපාලනය නිසා නිලධාරීන්ට ටෙන්ඩර් මගඩි සිදු කිරීමටත් එවිට දූෂිත ගනුදෙනු සඳහා අවස්ථාවක් ලැබෙන බව ඒ මහතා පැවසූ අතර දැන් නිර්මාණය වී ඇත්තේ එවැනි තත්ත්වයක් බවත් මෑත කාලයේදී දිගින් දිගටම ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධ රැසක් බාල වීම නිසා රෝහල්වලින් තාවකාලිකව ඉවත් කිරීමට සිදුවීම ඊට නිදසුනක් බවද සඳහන් කළේය.

පසුගිය කාල සීමාවේ දී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද රුපියල් බිලියන 5කට අධික ඖෂධ ගුණාත්මකභාවයෙන් අඩු වීම නිසා හෝ කල් නිකුත් කිරීම නිසා හෝ විනාශ කිරීමට සිදුව ඇති බව විගණන වාර්තා මගින් අනාවරණය කොට තිබිණි.

එහෙත් මෙරටට ගෙන්වන ලද ඖෂධ ව ගුණාත්මකභාවයෙන් අඩු වීම නිසා සිදුවන හානිය බොහෝ දුරට ප්‍රතිපූරණය කර ගැනීමට නොහැකි වීම නිසා මෙරට අහිංසක ජනතාව මත අධික බදු බරක් ගෙවා ලබා ගන්නා ඖෂධ විනාශ කිරීමට දේශපාලකයින් හා නිළධාරීන් කටයුතු කිරීම ජනාධිපතිවරයාටද අගෞරවයක් බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය සහ දේශපාලන යාන්ත්‍රණය වහා වෙනස් නොකරන්නේ නම් ජනතාවගේ ජීවිත වලින් එයට වන්දි ගෙවීමට සිදුවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.