පාර් ලිමේන්තුවේ ජනතා නියෝජිතයින්ට ප්‍රශ්ණාවලියක්

පාර් ලිමේන්තුවේ ජනතා නියෝජිතයින්ට ප්‍රශ්ණාවලියක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට අදාළව එයට පිළියම් වශයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නාවලියක් වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරිපත් කර ඇත.

එය මෙසේය

1. දේශීය හා විදේශීය වශයෙන් ලබා ගෙන ඇති ණය මුදල් ගැන ඔබගේ දැනුම්වත් වීම ප්‍රමාණවත්ද?

2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු දැනුම්දීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ තාවයකට පැමිණීම සුදුසු යැයි ඔබ සිතනවාද ?

3. ශ්‍රී ලංකාව අද හසුවී  සිටින ණය උගුළේ බරපතළ බව ගැන ඔබ දැනුම්වත් ද ?

4. ලබා ගෙන ඇති ණය මුදල් ආයෝජනය කර ඇති ව්‍යාපෘති ගැන දැනුම්වත්ද ?

5. විදේශීය ණය රටේ ආයෝජනය සම්බන්ධයෙන් විගණකාධිපති ලබාදුන් නිර්දේශ කියෙවා ඇත්ද?

6. රටේ ආදායම් ඉපැයීමට තිබෙන වත්කම් සහ රාජ්‍ය ආයතන විකුණා දැමීම ගැන ඔබ එකඟ ද ?

7. රාජ්‍ය ආයතන 400ක් පියවරෙන් පියවර විවිධ නම්වලින් හෝ නාමකරණයෙන් විකිණීමට සූදානම් කර ඇති බව ගැන දැනුම්වත් ද?

8. දේශීය ණය කපාහැරීමේ අනිවාර්ය ප්‍රතිපලයක් ලෙස සේවකයන් ජීවිත කාලය පුරා  දුකසේ උපයාගත් අර්ථසාධක අරමුදල අහිමිවන තත්ත්වයකට ඔබ  එකඟ ද ?

9. වෘත්තිකයින්,සේවකයින් හා ජනතාව පීඩාවට පත්කරන අත්තනෝමතික අසාධාරණ බදු ක්‍රමය ඔබට අනුමත කළ හැකි ද ?

10. ජනතාව අධික ජීවන වියදම නිසා  පීඩාවට පත්ව ඇති අවස්ථාවක, මහජන නියෝජිතයන් ලෙස ඔබගේ වගකීම සහ යුතුකම පිළිබඳ  ඔබට අවබෝධයක් තිබෙනවා ද ?

වෘත්තීය සමිති එකමුතුව