හල්පෙ කම්හල වැහුවාට සේවකයෝ ඇමතිට විරෝධය පාති

හල්පෙ කම්හල වැහුවාට සේවකයෝ ඇමතිට විරෝධය පාති

කටාන හල්‍පෙ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට කඩාවැදී කලමනාකරුට හා ආරක්ෂකයාට පහරදී‍මේ සිද්ධිය ‍හේතුකොට‍ ගෙන එහි ‍සේවක පිරිසට මසක වැටුප් ‍ගෙවා කම්හල මාසයකට වසා දැමීමට ගත් තීරණයක් ‍හේතු‍වෙන් එහි ‍සේවක සේවිකා‍වෝ 350 ක් පමණ ‍දෙනා ඇමැතිවරයාගේ නිවෙස දක්වා අද දහවල් වි‍රෝධතා පා ගමණින් ගියහ.

ගම්පහ දිස්ත්‍රිකකයේ රාජ්‍ය ඇමතිවරයකු‍ගේ හිතවතකු බව කියන පුද්ගලයකු‍ එම ආයතනයට කුලී පදනම මත වාහනයක් ඇතුලත් කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසා එහි කඩා වුදුනු පිරිසක් ‍මෙ‍සේ ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධ‍යෙන් පසු දිනම පුද්ගලයන් තිදෙනකු බඩල්ගම ‍පොලිසිය අත්අඩංගුවට ගැනුනු අතර ‍මේ සිදුවීම සම්බන්ධ‍යෙන් ‍කෙ‍රෙන පරීකෂණ විධිමත් නැති බවට එල්ලවූ ‍චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් ‍පොලිසියට පවරනු ලැබීය.

මේ අතර තම ආයතනයට නිසි ආරකෂාව සහතික ‍කෙ‍රෙන බවට රජයෙන් සහතිකයක් ලැ‍බෙන තුරු ආයතනය පවත්වා‍ගෙන යාම ගැටලුවක් බව සදහන් කරමින් ‍මෙ‍සේ ‍සේවකියන්ට මසක වැටුප් ගෙවා ඇතැයිද ‍මේ ත්ත්වය උද්ගතවූ‍යේ රාජ්‍ය ඇමතිවරයා‍ගේ බලපෑම නිසා බවට ‍චොදනා කරමින් ‍සේවක පිරිස් අද 8 දහවල් ‍මෙ‍සේ විරෝධය දක්වනු ලැබීය.

සේවක පිරිස වි‍රෝධතා පා ගමනින් විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා‍ගේ හල්‍පේ පහේ කණුව ප්‍රදෙශ‍යේ පිහිටි නිවාසය හා මහ ‍ගෙදර ආසන්නයටම ‍ගොස් ‍වි‍රෝධය දැක්වූහ.

(ලංකාදීප)