හෙද විශ්වවිද්‍යාලයට කැබිනට් අනුමැතිය

හෙද විශ්වවිද්‍යාලයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන හෙද විද්‍යාල විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2023-03-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.

එකී නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා ජාතික හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් වැඩබලන අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.