වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පත්වීම් අවහිර කිරීමෙන් අංශ ඩෙංගු පරීක්ෂණ ප්‍රමාද වෙනවා

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පත්වීම් අවහිර කිරීමෙන් අංශ ඩෙංගු පරීක්ෂණ ප්‍රමාද වෙනවා

ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් ප්‍රතිකාර ගැනීමට එන බොහෝ රෝහල් වල බහිර රෝගී අංශ සඳහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් අනුයුක්තකර නැහැ. මේ හේතුවෙන් හඳුනා නොගත් ඩොංගු රෝගීන් සහ රෝහල් ගත නොකරමින් ප්‍රතිකාර කල හැකි ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යවක් රෝහල් ගත කිරීමට සිදුව තිබේ.

මෙය දහගුණයක පමණ ප්‍රතිකා මිල ඉහල යෑමක් සිදුවන අතර, අත්‍යවශ්‍ය රෝගීන් කෙරෙහි ඇති අවධානයද අඩු වේ.

මේ වන විට සෞඛ්‍ය සේවාව සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම මුදල් අමාත්‍යාංශය විසින් තහනම් කර ඇති බැවින් සුදුසුකම්.සැපුරූ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් 300ක් පමණ රැකියා විරහිතව සිටින අතර, ඔවුන්ව කඩිනමින් සේවයට බඳවාගනු ලබන්නේනම්, බාහිර රෝගී අංශ රසානාගාර සේවාව ශක්තිමත් කර, විනාඩි තිහකට අඩු කාලයකදී ඩෙංගු පරීක්ෂණ ප්‍රතිඵල ලබා දීමට හැකියාවක් ඇත.

එමගින් කඩිනම් ප්‍රතිකාර ක්‍රමවේදයක් තහවුරු කිරීම මෙන්ම, අනවශ්‍ය රෝහල්ගත කිරීම්  හේතුවෙන් සහ නිසි හඳුනා ගැනීම නොමැති වීම හරහා ඇතිවන සංකූලතා රැසක්ද අවම කර ගැනීමට හැකියාවක් ලැබේ.

මෙම බඳවා ගැනීම් සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින්, සෞඛ්‍ය ලේකම් වරයා මුදල් අමාත්‍යාංශ ලේකම් වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඒ පිළිබඳව මේ වන තෙක් මුදල් අමාත්‍යාංශ ලේකම් වරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

| රවී කුමුදේශ්