මහරගම රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය භාවිතා නොකර පැත්තකට දාලා

මහරගම රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය භාවිතා නොකර පැත්තකට දාලා

මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් (PET Scan) යන්ත්‍රය 2018 දී එම රෝහල තුළ තුල ස්ථාපනය කරනු ලැබුවේ රුපියල් කෝටි 20 ක ජනතාවගේ ආධාර මුදල් වැයකරමිනි.

2018 වර්ෂයේ දී පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කරන අවස්ථාවේදී ජනතාවගේ ආධාර මුදල් තවත් රුපියල් කෝටි 4 ක් වැයකරමින් FDG ඖෂධය රෝගීන්ට එන්නත් කිරීම සඳහා ස්වයංක්‍රීය එන්නත් එන්නත් කරන (Automatic Dose Drawer) යන්ත්‍රයක් මිලදී ගැනීම රෝහල මගින් සිදු කරනු ලැබීය. එම රුපියල් කෝටි හතරක් වැය කර මිලදීගත් යන්ත්‍රය දැනට වසරක පමණ කාලයක සිට භාවිතාවෙන් ඉවත් කර ඇත. එයට හේතුව වී ඇත්තේ එම යන්ත්‍රය සඳහා භාවිතා කරන සම්බන්ධක කැතීටර (Connector Tube) මුදල් නොමැති බව පවසමිනි.

එවකට යන්ත්‍රය මිලදී ගැනීමට හේතුව වශයෙන් පෙන්වා දුන්නේ විකිරණ තාක්ෂණවේදීන් අවම කිරීම සඳහා මෙම යන්ත්‍රය උපකාරී වන බවයි. නමුත් මෑතකදී රෝහල මගින් පරමාණුක බලශක්ති නියාමන කොමිසම මගින් විමසීමේ දී ඔවුන් ලිඛිතව දැනුම් දී ඇත්තේ එම යන්ත්‍රය භාවිතා කිරීම මගින් විකිරණ ආරක්ෂාවට සුවිශේෂී ලෙස දායක නොවන බවයි. දැන් අප මේ වන විට ප්‍රශ්න කරන්නේ රුපියල් කෝටි හතරක ජනතාවගේ මුදල් වැයකර එවැනි යන්ත්‍රයක් මිලදී ගැනීම සිදු කළේ කාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ද යන්නයි.

එම ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය මිලදී ගන්නා අවස්ථාවේදී එම රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ සිදුකරන විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ගෙන් මේ පිළිබඳව කිසිදු විමසීමක් නොකළ අතර යන්ත්‍රයේ අවසාන භාවිතාකරු (End User) වන විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් එම අදාල යන්ත්‍රය මිලදී ගැනීමේ තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කර ගැනීමක්ද සිදු නොවුණි.

මේ ආකාරයෙන් යන්ත්‍ර මිලදී ගැනීමේදී අවසාන භාවිතාකරු තාක්ෂණික ඇගයීම් කමිටු වලට සම්බන්ධ කර නොගැනීමෙන් සහ අත්‍යාවශ්‍ය තාවය හඳුනා නොගැනීමෙන් රටේ ජනතා මුදල් විශාල ප්‍රමානයක් නාස්ති වන බව ප්‍රත්‍යක්ෂ වේ.

ඒ වගේම අපි විශේෂයෙන්ම කිව යුතු කාරණාවක් තමයි මෙම පුවත සැලවීමෙන් පසු මෙම අනවශ්‍ය මිලදී ගැනීමට සම්බන්ධ නිලධාරීන් බේරා ගැනීම සඳහා නැවතත් මෙම යන්ත්‍රයට අවශ්‍ය උපාංග මිලදී ගෙන යන්ත්‍රය ක්‍රියාකාරීත්වයේ තිබෙන බව පෙන්වීමට උත්සාහ නොකළ යුතුයි කියන කරුණ. දැක තිබෙන නිසයි මෙම කාරණාව විශේෂයෙන්ම මතක් කරන්නේ.

කුරුණෑගල, හම්බන්තොට, කරාපිටිය, කළුතර, රත්නපුර ඇතුළු රෝහල් දහයක පමණ CT Scan යන්ත්‍ර ක්‍රියා විරහිතයි

රසායනාගාර ගණනාවක හොඳින් වැඩ කරන, කෝටි ගණනක ජීවරාසායන, රක්තවේද සම්පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර ප්‍රයෝජනයට ඉවත් කරලා තියනවා

රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් දන්නේ නෑ කොච්චර උපකරණ වැඩ කරනවද, වැඩ කරන තත්වයේ ඉවත දාපුවා තියනවාද කියලා. ඒවා හොයන්න කෙනෙකුත් නෑ

සෞඛ්‍ය සේවාවට උපකරණ මිලදී ගැනීම මාෆියාවක්. මිලදී ගන්න විතරයි ඇතැම් නිළධාරීන්ට සහ විශේෂඥයින්ට ඕනෑ. ඒවා ක්‍රීයාත්මක කරලා රෝගී සේවාවන් ගෙනියන්න වුවමණාවක් නැහැ. මොකද කොමිෂන් ලැබෙන්නේ ගන්නකොට විතරයි. ඒ නිසා ආයේ අයේ උපකරණ ගන්නවා නඩත්තු කරන්නේ නෑ.

ravi kumudesh 10

| රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය