සෞඛ්‍ය පරිපාලනය විධිමත් කිරීම සදහා වු මාර්ගෝපදේශ අත්පොත එළිදක්වයි

සෞඛ්‍ය පරිපාලනය විධිමත් කිරීම සදහා වු මාර්ගෝපදේශ අත්පොත එළිදක්වයි

 සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලැසුම් අංශය මගින් සම්පාදනය කරන ලද “Manual on Management of Tertiary and Secondary Care Hospitals - තෘතියික හා ද්විතීයික සත්කාර රෝහල් කළමණාකරණය පිළිබද අත්පොත” එළදැක්වීම (5) දින සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත  ආචාර්ය අලාකා සිං මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය පරිපාලනය වඩාත් විධිමත්ව හා ක්‍රමානුකුලව සිදු කර  ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශය, පිටුබලය මෙම අත්පොතෙන්  ලැබෙන අතර වෛද්‍ය පරිපාලනයේ නිරත වෛද්‍ය නිලධාරීන් හට අවශ්‍ය තොරතුරු දැන ගැනීමට හා වෛද්‍ය පරිපාලනය හදාරණ වෛද්‍ය නිලධාරීන්ට හට අවශ්‍ය මුළික අත්පොතක් වශයෙන් මෙය භාවිතා කරනු ලැබේ. මෙම අත්පොතේ පළමු එළිදැක්වීම 1994 වර්ෂයේදී සිදුව  ඇති අතර මෙය එහි දෙවැනි සංස්කරණයක් ලෙස හැදින්විය හැක. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලැසුම්) වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා මෙහි පළමු පිටපත සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත පිරිනමන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, අධ්‍යක්ෂ (සැලසුම්) වෛද්‍ය උපුලි විජේමාන්න, රෝහල් අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.