ටෙලිකොම් පුද්ගලීකරණයට අධීක්ෂණ ආංශික කාරක සභාවක් විරුද්ධයි

ටෙලිකොම් පුද්ගලීකරණයට අධීක්ෂණ ආංශික කාරක සභාවක් විරුද්ධයි
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පවසා තිබේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වෙයි.
 
මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු හෙළිදරව්වීමට ඇති හැකියාව හේතුවෙන් බවද එහි දැක්වෙයි. 
 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වරාය, ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, දුම්රිය ඇතුළු ආයතන ගණනාවක් පුද්ගලීකරණය කිරීම සඳහා රජය විසින් සැලසුම් කරමින් සිටින බවට පසුගියදා වාර්තා විය.