පාසල් අද සිට යළි ඇරඹේ - ඩෙංගු මර්ධනයටත් විශේෂ තැනක්

පාසල් අද සිට යළි ඇරඹේ - ඩෙංගු මර්ධනයටත් විශේෂ තැනක්

2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද (12) ආරම්භ වේ.

අ.පො.ස සාමාන්‍ය පෙළින් අනතුරුව ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයිනපුරා සිදු කිරීමට අපේක්ෂා කරන බවත් එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලු පාසල්වලින් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.