වැඩි  මිලට හදිසි ඖෂධ මිලදී ගැනීමෙන් රටට වන පාඩුව ගැන සමීක්ෂණ කළ වකුගඩු රෝහලේ අධ්‍යක්ෂකට විරුද්ධව සෞඛ්‍ය ලේකම් විමර්ශනයක් අරඹයි - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

වැඩි  මිලට හදිසි ඖෂධ මිලදී ගැනීමෙන් රටට වන පාඩුව ගැන සමීක්ෂණ කළ වකුගඩු රෝහලේ අධ්‍යක්ෂකට විරුද්ධව සෞඛ්‍ය ලේකම් විමර්ශනයක් අරඹයි - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගැනීම වෙනුවට හදිසි ඖෂධ මිලදී ගැනීම නිසා හෝ බාහිර ඔසුහල් වලින් හවස ද මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් අධ්‍යක්ෂවරුන්ට අවසර ලබා දීම හරහා සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීම් වලදී වැයවන මුදලට වඩා සියයට දහසකට ආසන්න මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වැයවෙන බව තම රෝහල් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදු කරමින් ඒ සම්බන්ධව වාර්තාවක් සකස් කළ වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තිය සමිති සන්ධානයේ, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පසුගිය කාලසීමාවේදී වකුගඩු රෝහලට ලේ රෝගීන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට අසමත් වූ අතර අදාළ ඖෂධ හදිසි ඖෂධ මිලදී ගැනීම් ලෙස බාහිරයෙන් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් ලබා දී තිබිණි. මෙසේ හදිසියේ ඖෂධ බාහිර පාමසි වලින් මිලදී ගැනීම නිසා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වෛද්‍ය සැපයුම් අංශය මගින් එක් බෙහෙත් පෙත්තක් හෝ එක් බෙහෙත් කුප්පියක් සඳහා වැය කරන මුදල මෙන් සියයට දහසකට ආසන්න මුදලක් හදිසි මිලදී ගැනීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට වියදම් කිරීමට සිදුවන බවත් මේ හේතුව නිසා හැකි සෑම විටම නියමිත ක්‍රමවේද යටතේ ඖෂධ මිලදී ගැනීමටත් රටේ පවතින හදිසි තත්වය යටතේ දානපතියන් හරහා ඖෂධ මිලදී ගැනීමේ වැදගත්කමත් මෙම සමීක්ෂණය මගින් ඉදිරිපත් කොට තිබිණි.

වකුගඩු රෝග ආශ්‍රිතව ඖෂධ කිහිපයක් හලලා මෙම සමීක්ෂණය සිදු කොට තිබුණේ රෝහලේ නිතර භාවිතා වන හා බාහිරින් මිලදී ගැනීමට සිදුවන ඖෂධ කේන්ද්‍ර කරගෙනය.

මේ සම්බන්ධයෙන් වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල මහතා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් හා ඖෂධවේදීන් දැනුවත් කොට තිබුණු අතර මෙම ඇතිවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටද මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කොට තිබිණි.

හදිසි ඖෂධ මිලදී ගැනීම වෙනුවට නිසි ක්‍රමවේදය යටතේ නිවැරදි කළමනාකරණය හා නායකත්වයක් යටතේ ඉන්දියාවෙන් අඩු මිලට ඖෂධ මිලදී ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ ලොකුවෙන මහතා විසින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තිය සමිති සන්ධානය හරහා යෝජනාවක් රුවන් වික්‍රමසිංහ සෞඛ්‍යය අනු කමිටුව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද පසුගිය කාලයේ දී බාරදෙනු ලැබීය.

මෙම යෝජනා ප්‍රායෝගිකව රටට වාසිදායක සහ වැදගත් වන නමුත් ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාප නිසා මෙවැනි පළඳා යෝජනා ක්‍රියාත්මක කිරීමට පවතින දුෂ්කරතාවය සම්බන්ධයෙන් එවකට  අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා තමන් ව දැනුවත් කළ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පසුගිය කාලයේ දී අනාවරණය කළේය.

මෙම යෝජනාවලිය හරහා ඉතා අඩු මිලකට ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීමට පවතින හැකියාව සෞඛ්‍ය අමාත්‍යංශය iramuk යන්න මහතා ද පිළිගත් අතර එම යෝජනාව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට අවශ්‍ය කරන සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබීම යෝජනාව භාර දී මාස අටකට වැඩි කාලයක් වන නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව වෛද්‍ය චමල් සංජීව මහතා කියයි. අඩු මිලට ඖෂධ හිඟය කඩිනමින් විසඳීමෙන් වගකීම තම වෘත්තීය සමිති සන්ධානය භාර ගන්නා බව ද තමන් දැනුම් දුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩි මිලට කඩිනමින් ඖෂධ මිලදී ගැනීම නිසා සිදුවන පාඩුව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන්  ලධාරීන් දැනුවත් කොට රටට සිදුවී යාමට ගිය දැවැන්ත අලාභය අඩුකර ගැනීම සඳහා විද්‍යාත්මක විසඳුම් යෝජනා කළ වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ චාල්ස් නුගවෙල මහතාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කළ විමර්ශනය ඉතා පහත් කටයුත්තක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.

සාධනීය යෝජනා බන්ධයෙන් සාකච්ඡා කොට ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශවල දේශපාලකයින් හා නිළධාරීන් කටයුතු කරනවා වෙනුවට පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කිරීම නිසා මෙරට සෞඛ්‍ය පද්ධතිය ඉතිහාසය දැවැන්ත යුගයකට ලක් වෙමින් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

ඖෂධ මිල වැඩිවීම හා ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කළ ඖෂධවේදීන්ගේ සංගමය සභාපති අජිත් තිලකරත්න මහතා සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කොට ඇත.