ඇන්ටන් මාකස් කම්කරු අමාත්‍යංශයට එරෙහිව නඩු දමයි

ඇන්ටන් මාකස් කම්කරු අමාත්‍යංශයට එරෙහිව නඩු දමයි

ජාතික කම්කරු උපදේශක සභාවට (NLAC) පත්නොකිරීම නීති විරෝධීයැයි කම්කරු අමාත්‍යංශයට එරෙහිව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය අභියාචනාධිකරණය පෙත්සමක් ගොනු කර ඇත.

කම්කරු අමාත්‍යංශය විසින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ජාතික කම්කරු උපදේශක සභාවට පත් කිරීමෙන් වැළකි සිටීම සම්බන්‍ධව කම්කරු අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යංශ ලේකම්, කම්කරු කොමසාරිස් ජනරාල්, වෘත්තීය සමිති අංශයේ හිටපු සහකාර කම්කරු කොමසාරිස් සහ වත්මන් සහකාර කම්කරු කොමසාරිස් යන අය වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම් විභාගය 2023 ජුනි මස 20 වන දින පළමු කැඳවීම කර ඇත.