ආහාර විෂවීම් පරික්ෂණ ඇණ හිටලා - රවී කුමුදේස්

ආහාර විෂවීම් පරික්ෂණ ඇණ හිටලා - රවී කුමුදේස්

ඖෂධ වලින් පස්සේ ආහාර විෂ වෙලා මැරෙන එක ගැන කථා කරන්න වෙන දවස වැඩි ඈතක නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ,  සභාපති රවී කුමුදේශ්  මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටී.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රතික්‍රීයක සහ අදාල අනෙකුත් පහසුකම් නොමැතිවීම හේතුවෙන්, අහාර තත්වපාලන රසායනාගාර රැසක කටයුතු අඩාලවීම හේතුවෙන්, පරිභෝජනය සඳහා මුදා හැරෙන අහාර පිළිබඳ පරීක්ෂාවන් රැසක් මේ වන විට අඩාල වී තිබේ.

ඖෂධ මෙන්ම අහාර පිළිබඳවද සම්පූර්ණ පරීක්ෂාවන් සිදු කිරීමට අදාල විශ්ලේෂණ රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකර ඇති තත්වයක් යටතේ පවා එම පරීෂාවන් අහඹු ලෙස සහ සැක කටයුතු අවස්ථාවන්හිදී සිදු කිරීම සඳහා රට තුල ආහාර විශ්ලේෂණ රසායනාගාර කිහිපයක් පළාත් වශයෙන් සහ මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන නමුත්, දැනට එම රාසායනාගාවලට අවශ්‍ය පහසුකම් නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණ කටයුතු නවතා දමා ඇත.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව සිදු කරන වැටලීම් පවා නිශ්පල ක්‍රියාවලියක් බවට පත් වී ඇති අතර, බාල ඖෂධ හේතුවෙන් පීඩාවට පත්වෙමි සිටින මහ ජනතාව, මේ හේතුවෙන් ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර සහ විෂ සහිත ආහාර හේතුවෙන්ද පීඩාවට ලක් වීමට නියමිතය.