ත්‍රිපෝෂ අර්බුදය නිසා මාස හයක් අවුරුදු තුනක් අතර දරුවන්ගේ පෝෂණ ගැටලු වර්ධනය විය හැකියි

ත්‍රිපෝෂ අර්බුදය නිසා මාස හයක් අවුරුදු තුනක් අතර දරුවන්ගේ පෝෂණ ගැටලු වර්ධනය විය හැකියි

ජනාධිපති යටතේ ඇති ත්‍රිපෝෂ වැඩපිළිවෙල අසාර්ථක වීම කණගාටුවට කරුණක් - වෛද්‍ය චමල් සංජීව

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකදී ග්‍රාමීය වශයෙන් ආහාර උද්ධමනය අඩු වී නැති තත්ත්වයක් යටතේ දී රටේ දිලිදු ජනතාවගෙන් සැලකිය  ප්‍රමාණයකට හෝ ගර්භණී මව්වරුන් කිරි දෙන මවුවරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා අමතර ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ සැපයුම් ජාලය අදාල වුවහොත් එය ග්‍රාම්‍ය මන්දපෝෂණ තත්ත්වය වැඩි වර්ධනයට හේතුවක් විය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මෙරට ග්‍රාමීය ජන ප්‍රජාව තුළ මන්දපෝෂණ තත්ත්වය පාලනය කිරීම සඳහා ද ගර්භණී සහ කිරි දෙන මව්වරුන් ද කුඩා දරුවන්ගේ ද පෝෂණ තත්ත්වය වැඩි වර්ධනය සඳහා පසුගිය කාලයේදී අඛණ්ඩවම ලබාදුන් ත්‍රිපෝශ ද එක් හේතු සාධකයක් වූ බව ඒ මහතා පෙන්වා දෙයි.

ත්‍රිපෝෂ ක්ෂණික ව සකස් කර ගත හැකි අමතර ආහාරයක් වන අතර ්ථික දුෂ්කරතාවලින් පෙලෙන පවුල්වල දරුවන්ට සමබල ආහාර වේලක් ලබාදීම දෙමව්පියන්ට අසීරු වන අවස්ථාවන් වලදී යම් ප්‍රමාණයකට හෝ මතුවිය හැකි පෝෂණ ගැටලු තාවකාලිකව හෝ පාලනය කර ගැනීමට ත්‍රිපෝෂ නිසිපරිදි ලබාදීම වැදගත් බව ඒ මහතා පෙන්වයි.

දැනට වසරක පමණ කාලයක සිත ත්‍රිපෝෂ සැපයීමේ ගැටළු ඉස්මතු වී ඇති අතර ගිය කාලයේදී තමන් ත්‍රිපෝෂ අර්බුදය සමග පෙන්වා දුන් අවස්ථාවේදී එවැනි අර්බුදයක් නැතැයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවද ලබාදීම තමන් කළ හෙළිදරව්වෙන් පසුව යම් ප්‍රමාණයකට හෝ ආරම්භ වී ඇතැයි ඔහු පවසයි.

ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර සාමාන්‍ය මන්දපෝෂණ ප්‍රතිශතය 50% ක් වන අතර හම්බන්තොට, නුවරඑළිය, ගාල්ල, මාතර, මොණරාගල, කළුතර, අනුුරාධපුර, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල මෙම ප්‍රතිශතය 50% ඉක්මවයි.

දීර්ඝ කාලයක් නතර වී තිබූ ත්‍රිපෝෂ නිෂ්පාදනය කෙරෙහි මෙරටට ආනයනය කරන ඉරිඟු වල ඇෆ්ලටොක්සීන් නම් පිළිකා රසායනය පැවතීම සම්බන්ධ ගැටලු ද හේතුවක් විය

 කිරි දෙන මව්වරුන් ගර්භණී මව්වරුන් සහ වයස අවුරුදු 3ට වැඩි දරුවන් සඳහා පමණක් ත්‍රිපෝෂ ලබා දීමට පියවර ගෙන ඇති අතර මාස හයක් අවුරුදු තුනක් අතර දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දීමට වැඩපිළිවෙළක් නොමැත.

මව්කිරි වලට පමණක් හුරු වී සිටින ළදරුවන් ක්‍රමානුකුල අමතර ආහාර වලට හුරු වන්නේ එය මාස 6 න් පමණ පසු වන අතර ග්‍රාමීය වශයෙන් ආහාර උද්ධමනය ඉහළ තත්වයක පවතින අවස්ථාවකදී අමතර ආහාර වලට හුරු වන දරුවන්ට නිසි පරිදි පෝෂ පදාර්ථ ලබා දීමට නොහැකි වීමෙන් එම දරුවන් අතර කායික සහ මානසික රෝග හා සංකූලතා නිර්මාණය විය හැකි බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

දරුවන්ගේ කායික සහ මානසික වර්ධනය සඳහා පළමු වසර තුන තුළ ලබා දෙන ආහාර වෙන ඉතා වැදගත් වන බැවින් මෙම පරිවර්තන අවධියේදි නිසි පරිදි පෝෂ පදාර්ථ ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් එය ජාතියක් වශයෙන් විශාල ඛේදවාචකයකට මුහුණ පෑමට සිදු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින්  අවුරුදු 3ට අඩු දරුවන් සඳහා ද ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙළ සක්‍රිය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ති බව ඔහු අවධාරණය කොට සිටියේය.