ආහාර පරික්ෂණ සඳහා අධාර කඩිනමින් ලබාදීමට සැලසුම්

ආහාර පරික්ෂණ සඳහා අධාර කඩිනමින් ලබාදීමට සැලසුම්

ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ  පරීක්ෂණ සිදු කරන රසායනගාරවල තාක්ෂණික හා අනෙකුත් අවශ්‍ය පහසුකම් නැංවීමට එක්සත් ජාතීන්ගේ ආහාර  හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක බැංකුවේ (World Bank)  සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ  (WHO) සහාය කඩිනමින් ලැබෙන බව දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂණය වෙනුවෙන් සුවිශේෂී කාර්ය  භාරයක් , ප්‍රධාන රස පරීක්ෂක හා ඊට අනුබද්ධිත රසායනාගාර මෙන්ම දිවයිනේ විවිධ ස්ථානවල පිහිටුවා ඇති ආහාර පරීක්ෂණාගාර වලින් ඉටු කෙරේ. පවතින සීමිත භෞතික හා මානව සම්පත් උපයෝගී කර ගනිමින් ඔවුන් ඉටුකරන මෙහෙවර සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව ඉහල නැංවීමට සහාය වීමට එක්සත් ජාතීන්ගේ ආහාර  හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක බැංකුවේ (World Bank)  හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ  (WHO) සූදානමින් සිටින බව එම ජාත්‍යන්තර ආයතන සම්බන්ධ ප්‍රකාශකයෙකු අලුත් සුව පුවත් වෙත ප්‍රකාශ කර ඇත.  

මේ අතර ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂණ වැඩපිලිවෙල වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 1.3 ක මුදලක් එක්සත් ජාතීන්ගේ ආහාර  හා කෘෂිකර්ම සංවිධානය (FAO) වෙතින් මේ විසින් මේ වන විටත්  වෙන්වී තිබෙන බවයි. අනෙක් අවශ්‍යතා හඳූනාගත් පසු ඒ සෑම අවශ්‍යතාවක්ම සපුරාලීමට අදාලව එම ආයතන සූදානමින් සිටින බවද ඔහු අනාවරණ කලේය. ඔහු මේ බව දැනටමත් සෞඛ්‍ය  අමාත්‍යාංශයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා ඇතුළු ආහාර ආරක්ෂණය සම්බන්ධ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ට මේ බව දන්වා තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සෞඛ්‍ය, පාරිසරික සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සිය නිලධාරීන්ට  මෙම ක්‍රියාවලියට අදාල  උපදෙස් ලබා දී ඇත.ආහාර ආරක්ෂණ ක්‍රියාවලියේ දී රසායනාගාරවල සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් කල හැකි කාර්යයන් වහාම හදුනාගැනීමට ඔහු  යෝජනා කර තිබේ. එම ක්‍රියාවලියට රසායනාගාර සේවා සපයන නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලවලත් , ක්‍ෂේත්‍රයේ බලයලත් නිලධාරීන්ගේත් යෝජනා ලබාගෙන  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් සමග එම යෝජනා සමාලෝචනය කිරීමට නියමිතය.

ආහාර පනත යටතේ බලයලත් නිලධාරීන් විසින් යොමුකරන සාම්පල පරීක්ෂා කර වාර්තා නිකුත් කිරීම ඇතුළුව මෙරට ආහාර ආරක්ෂණ ක්‍රියාවලියට සුවිශාල මෙහෙවරක් ඉටුකරන රසයනාගාර සම්බන්ධව හා ඒවායේ එලදායිතාව නැංවීම සම්බන්ධයෙන් විද්‍යාත්මක පර් යේෂණ රැසක් සිදුකල විද්වතුන්  සමග අලුත් සුව පුවත් සාකච්ජා කලේය . එවැනි ප්‍රමුඛ පෙලේ විශේෂඥවරියක වන, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබද ජ්‍යෙෂ්ට විශේෂඥ,  සහකාර රස පරීක්ෂක , සුජාතා පතිරගේ මහත්මිය (24) දින ප්‍රකාශ කලේ සීමිත සම්පත් සමග ක්‍රියාත්මක වන මෙරට ආහාර රසායනාගාර සේවාවේ සම්පත් වැඩිකරගනිමින් , සේවාවේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක වර්ධනය වෙනුවෙන්  ඉදිරියේදී සිදු කරන  ඕනෑම ප්‍රතිසංස්කරණ හා සංවර්ධන වැඩසටහනට  තමන්ගේ සහාය නොපිරිහෙලා ලබා දෙන