ආහාර සාම්පල විශ්ලේශණය සඳහා භාර ගැනීමට සීමා

ආහාර සාම්පල විශ්ලේශණය සඳහා භාර ගැනීමට සීමා
  • ශ්‍රී ලංකාවේ ආහාර විශ්ලේෂණ ක්‍රියාවලියේ ගැටළු හේතුවෙන්  ආහාර පණතට අදාලව නීතිය ක්‍රියාත්මක කරන මහජන සෞබ්‍ය පරීක්ෂක වරුන් අපහසුතාවයට...
  • ආහාර විශ්ලේෂණ ක්‍රියාවලිය හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා ශක්තිමත් කල යුතු බව අවධාරණය කෙරේ...
  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ  කඩිනම් අවධානය යොමුවීම කාලීන අවශ්‍යතාවක්...

විශ්ලේශණය සඳහා සාම්පල වැඩි වැඩියෙන් ලබා දෙන්නැයි ඇතැම් පාර්ශව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කලත්  රසායනාගාර වලට ආහාර සාම්පල විශ්ලේශණය සඳහා  භාර ගැනීම  ගැනීමද  සීමා කර ඇති ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ භාණ්ඩාගාරික, ඩබ්. ඩී. රෝෂන් කුමාර මහතා පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රසායනාගාර වෙත යොමු කරන   සාම්පල සම්බන්ධ වාර්තාව පවා නෛතික කටයුතු කිරීමට නොහැකි ලෙස ප්‍රමාද වී අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලබාදීමේ සිද්ධි නිතර නිතර වාර්තා වෙයි. මේ අතර  බොහෝ ආහාර සාම්පල පරීක්ෂා කිරීමට රසායනික නොමැති වීම (උදා කලුතර රසායනාගාරයේ බැක්ටීරියානු පරීක්ෂණ සදහා බත් ඇතුලු ඝණ ආහාර භාර නොගැනීම)  කණගාටුවට කරුණකි. එමෙන්ම මහනුවර හා නුවර එලිය දිස්ත්‍රික්ක වල  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා ගන්නා ආහාර සාම්පල භාරදීමට නියම කර ඇත්තේ කුරුණෑගලද  පසුකර ගොස් අනුරාධපුර රසායනාගාරයට වන අතර ඒ සදහා අධික දුරක් ගෙවාගෙන යා යුතුව ඇත. එමෙන්ම රසායනාගාර පහසුකම් අවම වීම හා එම රසායනාගරාවල සේවය ලබාදීමට යොදවා තිබෙන මානව සම්පත් හිඟය නිසා දිවයිනේ  සියලුම රසායනාගාර ආහාර සම්පල බාර ගනු ලබන්නේද සීමා සහිතවය. මෙම තත්වය ආහාර ආරක්ෂණය සම්බන්ධයෙන්  වෙනදාටත් වඩා විශේෂ අවධානයක් යොමු කල යුතු මෙකල  කිසිසේත්ම නොගැලපෙන සහ මහජනතාවගේ පාර්ශවයෙන් අසාධාරණ තත්වයකි.

ජල සාම්පල පරීක්ෂණ සදහා මෙන්ම අනුරාධපුරය හා කුරුණෑගල රසායනාගාර සදහා අවශ්‍ය පහසුකම් නොමැතිවීම මත නිසි පරිදි පරීක්ෂණ කටයුතු අඩාල වී තිබේ.එසේම  ජල සාම්පල පරීක්ෂාව සදහා ගාල්ලේ පිහිටුවා ඇති රසායනාගාරයද විවිධ හේතු දක්වමින් මාස කීපයක් තිස්සේ සාම්පල භාර ගැනීමක් සිදු නොකරයි.

මේඅතර ක්ෂේත්‍රයෙන් ලබා ගන්නා ආහාර සාම්පල වෙනත් කාර්යයකට  කොලඹ කොළඹට පැමිණෙන  දිනයක් නම් පමණක් නම් ඒවා  ප්‍රවාහනයට ඉඩ ලබාදෙන  සමහර  පලාත්වල (ඌව පලාත) අනුගමනය කරන  නොගැලපෙන ක්‍රමවේද නිසා ආහාර සාම්පල් ලබාගෙන මහජනතාවට සුරක්ෂිත ආහාර ලබාගැනීමේ අයිතිය තහවුරු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද කලකිරීමට පත්වෙමින්  සිටිති.මේ කෙණෙහිලිකම්වල ප්‍රතිඵලය ලෙස  කූඨ වෙලෙන්ඳන් ගේ ග්‍රහණයට මහජනතාවට නිරාවරණය වීම සීග්‍රයෙන් සිදුවේ.

ශ්‍රී ලංකාව පුරා ක්ෂේත්‍රයේ  මහජන සෞබ්‍ය පරීක්ෂක වරැන් 2500ක පමණ  පිරිසෙන් මසකට අවම වශයෙන්  ආහාර සාම්පල 5000ක ප්‍රමාණයක් ලබාගෙන විශ්ලේශණයට යොමු කල යුතු වුවත්  මෙම සියලු බාධා මධ්‍යයේ පවා  ආහාර සාම්පල 3000 -  4000 අතර  සාම්පල  ප්‍රමාණයක් ආහාර විශ්ලේෂණය සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් යොමු කරන බවද රෝෂන් මහතා  පෙන්වා දෙයි.එසේම ආහාර සාම්පල  මෙතරම් විශාල  ප්‍රමාණයක් ලබාගෙන විශ්ලේෂණයට යොමු කරන වෙනත්  නිලධාරීන් කණ්ඩායමක්  ශ්‍රී ලංකාවේ නොමැති  බවද ඒ මහතා අවධාරණය කරයි. එහෙත් ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉටුකරන නෛතික රාජකාරි  ( විශේෂයෙන් සාම්පල ලබාගෙන පරීක්ෂාවට යැවීම ) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  පුද්ගලික කාර්යයක් ලෙස සිදු කිරීමට ඉඩ  හැරීමත් ඒ සම්බන්ධයෙන්  විධිමත් පහසුකම් සැලසීම කෙමෙන් මගහැරීමත්  අදාල අංශවලින්  මේ වන විට සිදු වේ.

මේ අතර ලංකාවේ ආහාර හා ආහාර සුරක්ෂිතතාවය,ආරක්ෂණය  සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා  එකම ප්‍රධාන සාකච්ජාවක හෝ කමිටුවක   මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඉඩක් ලබා නොදීමද අවාසනාවන්ත තත්වයක් බව පවසන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ භාණ්ඩාගාරික, ඩබ්.ඩී.රෝෂන් කුමාර මහතා මේ තත්වය නිවැරදි කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළු බලධාරීන්ගේ  කඩිනම් අවධානය යොමුවීම කාලීන අවශ්‍යතාවක් වන බවද අවධාරණය කරයි.

මේ අවාසනාවන්ත තත්වය නිසා  ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, ආහාර ආරක්ෂණය  මෙන්ම මහජන  සෞබ්‍ය ආරක්ෂාව  අභියෝගයට ලක්වීම  දැකිය හැකිය.මේ රාජකාරි ඉටුකිරීමට පහසුකම් සැලසීම වෙනුවෙන් මීට වඩා ප්‍රමුඛත්වය ලබා දිය යුතුය .එසේ නොවන තාක් ලාංකීය පාරිභෝගිකයා  මුලාවේ දැමීමත් ,සූරා කෑමත්,  ඔවුන්ට වස  වස කැවීමත් නොනැවතී  ඉදිරියට සිදු වනු  ඇති බව රෝෂන් ම්හතා තව දුරටත් සඳහන් කලේය.