අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය

අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය

ලංකාව දැඩි ආර්ථික අර්ථුදයක සිරව සිටි. මිනිස් දුක්ඛ දදෝමනස්ස වල අලුත් ගැඹුරක් අපි අත්දකිමින් සිටින්නෙමු. අඩමාන වේතන, රැකියා අස්ථිරභාවය සහ ආර්ථික අවපාතයක විනාශකාරී බව නිසා වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇත්දත් වැඩ කරන ජනතාවයි. මෙවැනි අනතුරුදායක තත්ත්වයක සිටින්නා වූ වැඩ කරන ජනතාවගේ තත්ත්වය තවත් අවිනිශ්චිත කරමින් කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ආණ්ඩුව යෝජනා කොට තිබේ. 2022 නොවැම්බර් මාසදේදී, 2023 වර්ෂය සඳහා වූ සිය අයවැය වාර්ථතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ "අපනයන මුල් කොටගත් ආර්ථිකයක් සඳහා වූ" ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ඇති බවයි. ඉනික්තිව කම්කරු හා විදේශ රැකියා අමාත‍ාංශයේ ලේකම් ශාන් යහම්පත් පැවසූදේ "දැනට පවතින සේවකයාට වඩා මිත්‍රශීලී කම්කරු නීති පද්ධතිය වෙනුවට, සේව්‍යා හා සේවකයා අතර තුලනයක් ඇති කරන ආකාරයේ කම්කරු නීති පේධතියක් හඳුන්වා දීමට අදහස් කරන" බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේ දී, යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලධර්ථම ඇතුළත් කරුණු 11 කින් යුතු න‍්‍යාය පත්‍රයක් කම්කරු හා විදේශ රැකියා අමාත‍ මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අතර, ඒවා ඔස්සේ සේව්‍ය-සේවක සම්බන්ධයේ බල තුලනය සේයාට වාසිදායක ලෙස නමන බව පෙනේන්නට තිබේ. මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධව පවතින්නා වූ වඩාත්ම පැහැදිලි විස්තර කිරීම මෙය වන අතර, එහිද හිස්තැන් බොහෝය. එසේ විධිමත් ක්ෂේත්‍රෙය් ශ්‍රමිකයන්ගේ සාමූහික ශක්තිය අඩු කිරීම සූක්ෂමව අරමුණු කිරීමක්ද එහි දක්නට ඇත. මෙමගින්  ලබාදෙන  පණිවිඩය අමාත‍වරයාගේ ආරම්භක වාක්‍යායෙහි පැහැදිලිව දක්නට ඇත: "අපට තවමත් ඇත්දත් ආයෝජකයින් අධෛර්මත් කරන ආකාරයේ යල් පැනගිය කම්කරු නීතීය."

ජූනි 14 පැවති උපදේශන ලබාගැනීමේ රැස්වීමේදී අමාත‍වරයා නැවත වාරයක් මෙම  කරුණ මතු කලේ පවතින කම්කරු නීතියෙහි සංශෝධන විය යුතු තැන් 20 ක් වත් ඇති බව පවසමිනි. ඒ අතර වතුකරය පිළිබඳ නීති මෙන්ම සේවක වැටුප් හා අර් ථ සාධක අරමුදල් පිළිබඳ නීතිද ඇතුළත් වන බව ඔහු පැවසූ අතර, අවිධිමත් ශ්‍රමදේ වැදගත්කම හා විධිමත් ශ්‍රමය අවිධිමත් ශ්‍රමය බවට පරිවර්ථතනය කිරීමේ අවශ‍තාවය ද ඔහු විසින්  අවධාරණය කරන ලදී. යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලිකම අනතුර ඇත්තේ මෙතැනය.

මෙම යෝජනා සමාජ ආරක්ෂණ පිළිබඳ භාෂාවෙන් රාමු කොට, අවිධිමත් අංශයේ සේවක අයිතීන්වල ප්‍රගමනය උදෙසා ඉදිරිපත් කරන බව පෙන්වීමේ උත්සහයක් තිබේ. රැකියා ස්ථානය තුළ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය සහ ශ්‍රම බලකායට ආබාධිත පුද්ගලයින්ගේ දායකත්වය ලබා ගැනීම වැනි ප්‍රතිපාදන, ආර්ථික අඩමාන බව සහ රැකියා අස්ථිරත්වයෙහි  ගිලී ගිය පසුබිමක් තුළ එතරම් අර්ථථාන්විත නොවේ.  එමෙන්ම සේවක ආරක්ෂණ අඩු කිරීමට යෝජනා කරන අතරේ ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය වැඩි කිරීදම් සංවාදය තුළ ඇත්ළත් කාන්තා ශ්‍රමය ගරා ගැනීමේ තැතකි.

ලංකාවේ පවතින කම්කරු පද්ධතිය මහා අරුම එකක් නොවුනත්, සිය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වීමෙන් සේවකයාට යම් තරමක ආරක්ෂණයක් ඓතිහාසිකව ලබාදුන් එකකි. එහෙත් ශ්‍රම බලකාය ඛණ්ඩනය කිරීම, බාහිරින් සේවා ලබාගැනීම, විධිමත් ශ්‍රමය අවිධිමත් බවට පරිවර්ථතනය කිරීම වැනි බලරහිත කිරීමේ ක්‍රියාමාර්ග මඟින් මෙම නීති මඟහැර යෑමට කාර් මික කළමණාකාරීත්වයට හැකි වී ඇත. අපේ විධිමත් ක්ෂේත්‍රෙය් බහුතරය කාන්තාවන්ය. කළමණාකාරීත්වයේ පෙරළි වලින් කොහොමටත් බලපෑමට ලක්වන ඔවුන් ආර්ථික අර්බුදවල පළමු බිල්ලයි. කොවිඩ් වසංගතය සමදේදී වෙනස් වන ආර්ථික තත්වයන්වලට දේශීය හා ජාත්‍යන්තර ශ්‍රමිකයන් කොතරම් ගොදුරු වූවාද යන්න අපි දුටුවෙමු. කම්කරු නීතීන් අවඥාවෙන් බැහැර කරනු ලැබූ අතර, ශ්‍රමිකයන්වද කිසිදු පිළිසරණක් නොමැතිව සමාජදයෙන් බහිෂ්කරණය කරන ලදී. අනෙක් අතට බලෙන් ලබාගත් කැමැත්ත මත පදනම්ව ඉතා දරුණු තත්වයන් යටතේත් වැඩ කිරීමටද ඔවුන්ට සිදුවිය. යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් කරනුයේ මෙම තත්ත්වය නිත්‍ය එකක් බවට පත් කිරීමයි. අනතුර දොරකඩය.

සේව්‍යා හා සේවකයා අතර ගිවිසුම්ගත බැඳීම අඩපණ කිරීම තුළින් අවිධිමත්කරණය, දක්වා අස්ථාවරභාවය සහ සේකයා වැඩියෙන් සූරාකෑමට ලක්වීම යන ප්‍රතිවිපාක ඇතිවේ.  බඳවා ගැනීම් හාසේවයෙන් පහකිරීම් වලට අදාළ නීති පැහැදිලි සහ සේවකයා සේවා අස්ථිරත්වයෙන් ආරක්ෂා කරන ආකාරදේ ඒවා විය යුතුය. වර්ථතමානයේ පවතින සේවයෙන් පහකිරීමට අදාළ නීති සේකයා ආරක්ෂා කරන ආකාරයේ ඒවා නොවේ. ඒවා තවදුරටත් ලිහිල් කළහොත් සේක සුබසිද්ධියට දරුණු අනතුරක් එල්ල වනු ඇත. සේවා මුරය නම්‍යශීලී කිරීම පිළිබඳවද යම් කතිකාවක් තිබේ. මෙඟෙින් හානිය වන්නේ සේකයාටය. මන්ද ආර්ථික පීඩනය නිසා බලහත්කාරී සහ සූරාකෑමට ලක්වන ආකාරදේ විකල්පවලට යොමු වීමට අවිධිමත්කරණය ඔස්දස් තවදුරටත් දොර විවර වන නිසාය. එමෙන්ම ඉතා දීර්ඝ වැඩ මුරවලට එරෙහිව ඇති ආරක්ෂණද ලිහිල් වනු ඇත. සේවකයාට හිමි ලෙඩ නිවාඩු, මාතෘ නිවාඩු සහ විවේකයට ඇති අයිතිය සම්බන්ධ ප්‍රතිපාදන ඛාදනයට ලක්වනු ඇත. ඇඟලුම් කම්හල් වල නිල වශයෙන් මසකට දින 10 කට වඩා රාත්‍රී  සේවා  මුරය කිරීමට අවසරය කාන්තාවන්ට නැතිමුත්, භාවිතදේදී ඔවුන් ඇත්තෙන්ම අවම ආරක්ෂණ මධ්‍යෙය් දීර්ඝ රාත්‍රී දස්වා මුර කරන බව අප දන්නා කරුණකි.

යෝජිත ප්‍රතිසංස්කරණ වලින් උත්සහ කරමින් කම්කරු නීති ක්‍රමයෙන් දුර්ථවල කොට පවතින අරක්ෂණ ද අඩුකිරීම මඟින් කම්කරුවා තවත් බලරහිත තත්වයට පත් කිරීමයි. රාජ්‍ය යේ, සේව්‍යයන්ගේ සහ වෘත්තීය සමිති වල සහභාගීත්වදයන් සැදි ජාතික කම්කරු උපදේශන සභාවෙහි රැස්වීමක් පසුගිය මාසයේ කැඳවූ විට, කිසිදු දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවු පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 4 කට ඊට ආරාධනා කොට නොතිබීම සැළකිය යුතුය. ප්‍රතිසංස්කරණ ඇරඹුණු පසු ශ්‍රමිකයන් නියෝජනය කරන හවුල් වල ශක්තිය හීන කොට ශ්‍රමිකයන් සම්පූර්ණ බලරහිත තත්ත්වයට පත්කිරීමට රජය අරමුණු කරන ආකාරය පිළිබඳ පැහැදිලි ඇඟවුමකි මෙය.

වතුකරයේ ආර්ථිකය විශාල විපරිවර්තනයකට බඳුන් වෙමින් පවතී. ඒ තුළ වතුකර කම්කරුවා මුහුණදෙමින් සිටින්නේ සිය ප්‍රජාව ඛන්ඩනයට බඳුන් වන්නේ වූ, රැකියා අස්ථිර සහ භූමිය හිඟ අනාගතයකටය. සාධාරණ වැටුපක් සහ අවම වශයෙන් හෝ පිළිගත හැකි අන්දමේ පුරවැසිභාවය - එනම් ශිෂ්ඨ සම්පන්න ජීවන තත්ත්වයක්, රැකියාව තුළ ආරක්ෂාකාරී බව, ඉඩම් අයිතීන්, පිළිගත හැකි මට්ටමේ නිවාස සහ පාසල් වලට ප්‍රවිෂ්ඨය - ඔවුන්ගේ අරගලයයි. නානායක්කාරගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ දැක්දවෙන්නේ  "නවින ශ්‍රම ලෝකයට සුදුසු  වතු කම්කරුවකු" නිර්මාණය කිරීමට රජය යෝජනා කරන බවය. වතු කම්කරුවා දැනට මුහුණ පාන දරුණු අසාධාරණකම් එතුළ නොතකා හැර තිබේ.

කම්කරු නීති දුර්ථවල කිරීම මඟින් රජය බලාපොරෙරාත්තු වන්නේ ආයෝජන ආකර්ථෂණය කරගැනීමත්, ඒ හරහා ආර්ථිකය සවිබල ගැන්වීමත්ය. එය අනාගත ආදයෝජකයින් වෙනුවෙන් කරන සංදර්ශනයකි. නමුත් වත්මන්  ආර්ථික යථාර්ථය පිළිබඳ රජයට කිසිදු හැඟීමක් නොමැති බව පැහැදිලිය. ගෝලීයව ආර්ථික අවපාතයක් ඇති වෙමින් තිබේ. 2022 අවසාන කාර්තුවේ 12.4% කිනුත්, 2023 පළමු කාර්ථතුවේ 11.5% කිනුත් අපේ ආර්ථිකය හැකිලී ඇත. මෙම අර්බුදයට හේතුව කම්කරු නීති නොවන නිසා, කම්කරු නීති වෙනස් කිරීම මඟින් අර්බුදය විසඳිය නොහේ. වියදම් කපා හැරීම්, රැකියා ජනන ප්‍රතිපත්ති වල දුර්ථවලතා සහ වැඩ කරන ජනතාවගේ සමාජ ආරක්ෂණ මඳ වීම නිසා ආර්ථිකය දිගින් දිගටම කඩා වැටෙමින් පවතී. අවසානයේ අපට ඉතිරි වන්නේ නැවත හැරවිය නොහැකි ලෙස කම්කරු අයිතීන් ඛාදනය වීමේ යථාර්ථථය පමණි.

කම්කරු සබඳතා වැනි ඇති මූලික ආකාරදේ ගැටළුවක් පිළිබඳ ස්ථාවරයක් ගැනීමට ශාස්ත්‍රාලිකයන් වශයෙන් අපට වගකීමක් තිබේ. එය අප සියල්ලන්ටම බලපෑම් එල්ල කරයි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ශ්‍රමිකයන්ට සහ ජනතාවට හිතකර, සැමට ආරක්ෂණය සපයන, නිෂ්පාදන ක්‍රියාවලියෙහි ස්ථායිතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ආකාරදේ කම්කරු ප්‍රතිපත්තියකි. නැතිනම් අනාගතය පීඩිත හා අස්ථාර එකක් වනු ඇත. මතුවන සමාජ අසහනය හමුවේ දැනටමත් ආඥාදායක ආණ්ඩුව වඩාත් ආඥාදායක වීම පමණි විය හැක්කේ. සැමට වඩා හොඳ අනාගතයක් සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී බලවේග හා එකතු විය යුතුය.

SIGNED BY

1.        A.M. Navaratna Bandara, formerly Univ. of Peradeniya

2.        Ahilan Kadirgamar, Univ. of Jaffna

3.        A.M.J.H. Amandakoon, Univ. of Peradeniya

4.        Amalka Wijesuriya, Univ. of Ruhuna

5.        Anuruddha Karunarathna, Univ. of Peradeniya

6.        Anushka Kahandagama, formerly Univ. of Colombo

7.        Arjuna Aluwihare, formerly Univ. of Peradeniya

8.        Arjuna Parakrama, Univ. of Peradeniya

9.        Aruni Samarakoon, Univ. of Ruhuna

10.      Athulasiri Samarkoon, The Open University of Sri Lanka

11.      Avanka Fernando, Univ. of Colombo

12.      B.P.B.W. Rathnayake, Univ. of Peradeniya

13.      Barana Jayawardana, Univ. of Peradeniya

14.      Bahirathy J.R, Univ. of Jaffna

15.      Buddhima Padmasiri, The Open University of Sri Lanka

16.      Camena Guneratne, The Open University of Sri Lanka

17.      Chirath Jeewantha, Univ. of Ruhuna

18.      Chulani Kodikara formely Univ. of Colombo

19.      Crystal Baines, Univ. of Peradeniya

20.      Dayapala Thiranagma, formerly Univ. of Kelaniya

21.      Dhammika Gamage, Univ. of Peradeniya

22.      Dhammika Herath, Univ. of Peradeniya

23.      Dhammika Jayawardena Univ. of Sri Jayawardenepura

24.      Dhanuka Bandara formerly Univ. Of Peradeniya

25.      Dilini Hemachandra, Univ. of Peradeniya

26.      Dinesha Samararatne Univ. of Colombo

27.      Erandika de Silva, Univ. of Jaffna

28.      Farzana Haniffa, Univ. of Colombo

29.      Fazeeha Azmi, Univ of Peradeniya

30.      Ganganee Chamdima Samaraweera, Univ. of Ruhuna

31.      H.H.M.T.V.K. Jayasooriya, Univ. of Peradeniya

32.      Harshana Rambukwella, formerly The Open University of Sri Lanka

33.      Hasini Lecamwasam, Univ. of Peradeniya

34.      Hasitha Pathirana Univ. of Kelaniya

35.      Hettigamage Sriyananda, The Open University of Sri Lanka (Professor Emeritus)

36.      Hiniduma Sunil Senevi, Univ. of Sabaragamuwa

37.      Imani Bakmeedeniya, Univ. of Peradeniya

38.      Jayadeva Uyangoda, Univ. of Colombo (Professor Emeritus)

39.      Janith Wickramasinghe, Univ. of Colombo

40.      Jennifer Edama, Univ. of Peradeniya

41.      Jithmi Athukorale, Univ. of Peradeniya

42.      K.M.Vihangi Semini, Univ. of Peradeniya

43.      Kamani Sylva, Univ. of Peradeniya

44.      Kanchuka Dharmasiri, Univ. of Peradeniya

45.      Kasun Gajasinghe, Univ. of Peradeniya

46.      Kaushalya Perera, Univ. of Colombo

47.      Kethakie Nagahawatte Univ. of Colombo

48.      Krishan Siriwadhana, Univ. of Colombo

49.      Krishantha Fedricks, Uni. of Colombo

50.      Krishmi Apsara, Univ. of Peradeniya

51.      Kumudu Kusum Kumara, formerly Univ. of Colombo

52.      L.A.M.Jayasinghe,Univ. Of Peradeniya

53.      Liyanage Amarakeerthi, Univ. Of Peradeniya

54.      Madhara Karunarathna, Univ. of Peradeniya

55.      Maduranga Kalugampitiya, Univ. of Peradeniya

56.      Mahendran Thiruvarangan, Univ. of Jaffna

57.      Malika Perera, Univ. of Peradeniya

58.      M. A. Nuhman. Formerly Univ. of Peradeniya

59.      Muditha Dharmasiri: Univ. of Peradeniya

60.      Nadeesh de Silva, The Open University of Sri Lanka

61.      Nalika Ranathunge, Univ. of Ruhuna

62.      Neavis Morais, The Open University of Sri Lanka

63.      Nicola Perera, Univ. of Colombo

64.      Nilantha Liyanage, Univ. of Ruhuna

65.      Nirmal Ranjith Dewasiri, Univ. of Colombo

66.      N.Sivakaran, Univ. of Jaffna

67.      N. W. Prins, Univ. of Ruhuna

68.      Paba Suraweera, Univ. of Peradeniya

69.      Pavithra Jayawardena, Univ. of Colombo

70.      P. M. Jayaweera Univ. of Peradeniya

71.      Prabha Manuratne, Univ. of Kelaniya

72.      Prabhath Jayasinghe, University of Colombo

73.      Pradeepa Korale Gedara, Univ. of Peradeniya

74.      Pradeep Peiris, Univ. of Colombo

75.      Priyantha Fonseka Univ. of Peradeniya

76.      R.T.Gamalath, Univ. of Peradeniya

77.      Ramesh Ramasamy, Univ. of Peradeniya

78.      Ramila Usoof, Univ. of Peradeniya

79.      Ramindu Perera, The Open University of Sri Lanka

80.      Ramya Kumar, Univ. of Jaffna

81.      Ranjini Obeyesekere; formerly , Univ. of Peradeniya

82.      Ranjit Wijekoon, formerly Univ. of Peradeniya

83.      Rupika Rajakaruna, Univ. of Peradeniya

84.      Ruth Surenthiraraj, Univ. of Colombo

85.      Sabreena Niles, Univ. of Kelaniya

86.      Sachithra Edirisinghe, formerly Univ. of Peradeniya

87.      Sahan Wanniarachchi,Univ. of Peradeniya

88.      Sahani Situbandara, Univ. of Peradeniya

89.      Saman Pushpakumara, Univ. of Peradeniya

90.      Sasanka Perera, Formerly Univ. of Colombo

91.      Sasinindu Patabendige, Univ. of Jaffna

92.      Savitri Goonesekere, Univ. of Colombo (Professor Emeritus)

93.      Selvaraj Vishvika, Univ. of Peradeniya

94.      Shalini Wijerathna,Univ. of Peradeniya

95.      Shamala Kumar, Univ. of Peradeniya

96.      Sitralega Maunaguru formerly Eastern Univ. Sri Lanka

97.      Sivamohan Sumathy, Univ. of Peradeniya

98.      Sudesh Mantillake, Univ. of Peradeniya

99.      Sumith Chaaminda, Univ. of Colombo

100.   Supoorna Kulatunga, Univ. of Peradeniya

101.   Suranjith Gunasekara, Univ. of Ruhuna

102.   Susantha Rasnayake, Univ. of Peradeniya

103.   Susith Siriwardhana, Rajarata Univ. of Sri Lanka

104.   Shyamani Hettiarachchi, Univ. of Kelaniya

105.   Thiru Kandiah, formerly Univ. of Peradeniya

106.   Thushara Kamalrathne, Univ of Peradeniya

107.   Udara Rajapaksha, Univ. of Peradeniya

108.   Udari Abeysinghe, Univ. of Peradeniya

109.   Unnathi Samaraweera,Univ. of Colombo

110.   Upul Abeyrathne, Univ. of Peradeniya

111.   Varangana Ratwatta, Univ. of Peradeniya

112.   Vijaya Kumar, Univ. of Peradeniya (Professor Emeritus)

113.   Visakesa Chandrasekaram, Univ. of Colombo

114.   Vivimarie Vanderpoorten Medawattegedera, The Open University of Sri Lanka

115.   W.M. Rohan Laksiri, Univ. of Ruhuna

116.   Yasas Kulasekara, Univ. of Peradeniya

ඉංග්‍රීසි ලිපිය

සබැඳි පුවත්