බාල ඖෂධ නිසා ඇස් අන්ධ වූවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට

බාල ඖෂධ නිසා ඇස් අන්ධ වූවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට
  • තවත් මිනිස් ජීවිත බිලි ගැනීමට ඉඩ නොදී අමාත්‍යාංශ පරිපාලනය වෙනස් කරන්න - වෛද්‍ය චමල් සංජීව...
  • සතියක් ඇතුලත විසඳුම් ලබා නොදුන්නොත් සිවිල් සංවිධාන සෞඛ්‍ය අමාත්‍යාංශය වටලනවා - කමන්ත රොෂාන්...
  • තත්වයෙන් බාල ඖෂධ ගෙන ඒමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පාදෙණියත් හවුල් - අසේල සම්පත් කියයි...

පසුගිය කාල සීමාවේ දී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද දැනට තත්ත්වයෙන් බාල බවට සැකකරන අක්ෂි භාවිතා කිරීම නිසා දෘෂ්ටි ආබාධ ලක්වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෘත්තීය සමිති සංවිධාන හා බහුජන සංවිධාන සමඟ දී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි භාර දෙන ලදී.

කුලී වැඩ කරමින් ජීවත්වන තමන් සහ තමන්ගේ දරුවන් මේ අන්දමට අක්ෂි රෝහලේ න් ලබා දෙන ලද දියර භාවිතා කිරීම නිසා දෑස් අන්ධ තත්ත්වයට පත්ව ඇති බවත් ඒ නිසා තමන්ගේ එදිනෙදා ජන ජීවිතය රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සිදුව ඇති බැවින් මහත් අසාධාරණයක් ඇති බවත්  පිරිස අදාළ අවස්ථාවෙන් පසුව මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළහ.

තමන් විසින් භාවිතා කල predniisilone  දියරය අක්ෂි රෝහල ලබා දුන් අවස්ථාවේදී එහි සිටි වෛද්‍යවරු හා හෙද කාර්යමණ්ඩලය තමන් භාවිතා කළ දියර බෝතල් තමන්ගෙන් ගෙන කුණු කූඩයට විසි කළ බව ද ඔවුහු පැවසූහ.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට කොළඹ ජාතික අක්ෂි රෝහලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇස් අන්ධ වූ පුද්ගලයන් සහ දැනට අක්ෂි රෝහලේ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබන  තත්ත්වයට පත්වූ පුද්ගලයා ඥාතීහු මේ අන්දමට මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කළහ.

ඖෂධ හිඟය ,තත්වයෙන් බාල ඖෂධ රට තුළට ගෙන ඒම, සහ ඖෂධ මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස රෝග රෝගීන්ගේ ජන ජීවිතයට බලවත් අනතුරක් සිදුවී ඇති බවත් මීට වසරකට පමණ පෙර සිටම තමන් දිගින් දිගටම මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරුන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට පෙන්වා දෙන තත්ත්වයක් යටතේ ඒවා නොසලකා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද මහජනතාව තම ජීවිතවලින් වන්දි ගෙවමින් සිටින බැවින් තවදුරටත් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලබා නොදී හැකි ඉක්මනින් වර්තමාන සෞඛ්‍ය පරිපාලනය වෙනස් කිරීමට ජනාධිපතිවරයා සෘජුව මැදිහත් විය යුතු බව මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් ලද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

රට තුළ ඖෂධ හිඟයක් සහ තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම දිගටම සිදුවන තත්ත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන් දිගින් දිගටම විදේශ රටවල සංචාරය කරන්නේ කෙසේදැයි තමන්ට ප්‍රශ්නයක් බවත් එබැවින් මෙම ආබාධ ලක්ව ඇති පුද්ගලයන්ට වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් රජයේ මුදල් විදේශ සංචාර සඳහා භාවිතා කරන්නේ කෙසේදැයි තමන්ට දැනුම් දෙන ලෙසත් ලිපියක් මගින් ඉල්ලා සිටින බව මෙම අවස්ථාවට සහභාගි වූ අල්ලස සහ දූෂණයට එරෙහි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තමන්ත රොෂාන් මහතා පැවසීය.

රටේ ඖෂධ හින්දි ඖෂධ මිල ඉහළ යාම සහ තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නතර කිරීමට පියවර ගෙන සතියක් ඇතුලත මේ සම්බන්ධ විසඳුම් ලබා නොදුනහොත් ඉතා ප්‍රබල වෘත්තීය හා සිවිල් සංවිධාන ද පුරවැසි සංවිධාන ද සමඟ තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණෙන බවද මෙම කණ්ඩායම අනාවරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරී අසේල සම්පත් මහතා පැවසූයේ තත්ත්වයෙන් බාල ඖෂධ සම්බන්ධයෙන් හෝ මිනිස් ජීවිත මියයාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ අනුරුද්ධ පාදෙණිය මහතා හෝ නිහඬව සිටින්නේ තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම ජාවාරමට ඔවුන්ද සම්බන්ධ නිසාදැයි බරපතල සැකයක් මතුවන බවයි.

වෛද්‍ය සාපි සහබ්ඩීන් සිද්ධි අවස්ථාවේදී වඳ අම්මලා නාටකය රඟ දක්වමින් ජන ජීවිතය තුළ සැකයක් නිර්මාණය කළ ඉහත කණ්ඩායම් සත්‍ය වශයෙන්ම තත්ත්වයෙන් බාල ඖෂධ නිසා රෝගී ජීවිත විනාශ වී යද්දී නිහඬව සිටීම මෙරට පුරවැසියන් විසින් ප්‍රශ්න කළ යුතු බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පැමිණි වරාය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ලාල් බෙංගමුව මහතා ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපතිවරයා සිවිල් සාමාන්‍ය පුරවැසියන් ගැන අවධානය යොමු නොකොට කටයුතු කරන්නේ නම් ජන අරගලයකට තමන් සූදානම් බවයි.

ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට අසමත් වන්නේ නම් සිවිල් පුරවැසියන් සමග ඉතා ඉක්මනින් යලි  තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණෙන බවද එම පිරිස පැවසීය.