වර්ජනය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට කල් තියා දැනුම්දෙයි

වර්ජනය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට කල් තියා දැනුම්දෙයි

ශ්‍රී ලංකා ජාතික රෝහල තුල අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්ගේ කාර්යයභාරයන් නිසි ආකාරයෙන් ඉටු කිරීමට බාධා කිරීම හා දීර්ඝ කාලීනව නොවිසඳුනු ගැටළු හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව හා ඒ සම්බන්ධව මැදිහත්වී අර්බුදය විසඳන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය ලිපියක් මගින් දැනුම් දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ශ්‍රී ලංකා ජාතික රෝහල තුල අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්ගේ කාර්යයභාරයන් නිසි ආකාරයෙන් ඉටු කිරීමට බාධා කරමින් හා ද්වේශ සහගත හා සැළසුම් සහගත ලෙසත් වෛද්‍ය රසායානාගර විද්‍යාඥ වෘත්තිකයන්ට එරෙහිව පෙත්සම් යොමු කරමින් හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා අනෙකුත් පරිපාලනය රැස්වීම් වලදී ඒ්ක පාර්ශ්වික ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ව්‍යාධිවේද අංශයෙහි අනවශ්‍ය ගැටළු රැසක් නිර්මාණය කිරීමට ක්ෂ්‍රද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරිය කටයුතු කරමින් සිටින බව අප සංගමය නිරීක්ෂණය කර ඇත.

ඒසේම ඒ් පිළිබඳව හා ඇය විසින් ඔබ වෙත යොමු කරන ලද ව්‍යාජ පෙත්සමකට අදාලව විරෝධය පල කරමින් මටද පිටපතක් සහිතව ඔබ වෙත යොමු කරන ලද ශ්‍රී ලංකා ජාතික රෝහලේ සියළු වෛද්‍ය රසායනාගාර විච්‍යාඥ නිලධාරීන් විසින් යොමු කල 2023.07.02 දිනැති ලිපිය කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරවමි.

මේ පිළිබඳව මින් පෙර අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කර ඇති නමුත් තත්වයෙහි කිසිඳු වෙනසක් නොමැති බැවින් පහත ඉල්ලීම් අරභයා 2023-07-13 (බදාදා) දින සේවයෙන් ඉවත් වීමේ විරෝධතාවයක් දියත් කිරීමටත් 2023-07-19 දින (බදාදා) වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විමටත් තීරණය කල බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමු.

  1.  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්ට අයත් දීමනා පිළිබඳ කටයුතු කිරීමේදී චක්‍රලේඛ වලින් පරිභාහිරව කටයුතු කිරීම හා නිළධාරීන්ගේ දීමනා ඔවුන්ට නොදන්වා කප්පාදු කිරීම මඟින් වංචාසංගත භාවිතවකට ඉඩ සලසා ගැනීම.
  2. අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්ට අයත් නිළ රාජකාරී වලට සිදු කරන අතපෙවීම් හා බාධාකිරීම්.
  3. හුවමාරු පදනම මත සාම්ප්‍රදායිකව ව්‍යාධිවේද අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් අතුරින් කෙනෙකු ප්‍රධානියා ලෙස වාර්ෂිකව හඳුන්වනු ලැබූවද මැය පසුගිය වසර 6 ක කාලයක් පුරා එකී බලය බලහත්කාරයෙන් තමන් වෙත ආරෝපණය කරගනිමින් කටයුතු කිරීම
  4. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරියෙකු සතු විය යුතු රසායනාගාරයේ සාමාන්‍ය බඩු ලේඛණය (General Inventory) වෙනත් බාහිර පාර්ශ්වයන් වෙත භාර කිරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම.
  5. රසායනාගාරයේ සියළු කාර්යය මණ්ඩලය චංචාකරුවන් හා දූෂිතයන් ලෙස නම් පටබැඳීමටත් ඒ හරහා ඉහල පරිපාලනය නොමඟ යවමින් තමන්ට රිසි පාලනයක් පවත්වා ගැනීමට කටයුතු කිරීම.

ඒ අනූව අනවශ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වලක්වා ගැනීම සඳහා වන ඔබගේ කඩිනම් මැදිහත්වීම ඉතා අගේ කොට සලකමි.