බදාදා සිට  ශ්‍රී ලංකා ජාතික රෝහලේ ව්‍යාධිවේද අංශයෙයේ වර්ජනයක්

බදාදා සිට  ශ්‍රී ලංකා ජාතික රෝහලේ ව්‍යාධිවේද අංශයෙයේ වර්ජනයක්

ජාතික රෝහලෙහි ව්‍යාධිවේද අංශය තුල පරිපාලන කටයුතු හිතාමතාම අවුල් කරමින් හා අත්‍යවශ්‍ය උපකරණ අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් දුර්ලභ රෝගී තත්වයන්ට එහි කාර්යමණඩල නිරාවරණය කරමින් අත්තනෝමතිකව කටයුතු කරන ක්ෂුද්‍රජීවවේද විශේෂඥවරියගේ ක්‍රියාකාලාපයට එරෙහිව සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් බදාදා ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ, සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටියා.

සේවයෙන් ඉවත්ව යෑමක් සහ උද්ඝෝෂණක් ලෙස ක්‍රියාත්මක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුම් නොලදහොත් දින 7ක් ඇතුලත වර්ජන ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමටද තීරණය කර  ඇති බව කුමුදේස් මහතා වැඩිදුරටත් පවසා සිටී.