ගුරු සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට අලුත් බලාපොරොත්තුවක් -අගොස්තු අවසන් වීමට පෙර පත්වීම්

ගුරු සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට අලුත් බලාපොරොත්තුවක් -අගොස්තු අවසන් වීමට පෙර පත්වීම්
ගුරු අධ්‍යාපනඥ සේවයට අගෝස්තු මාසය අවසන් වීමට පෙර පත්වීම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
 
ගුරු අධ්‍යාපඥ සේවයට විභාග පවත්වා අවසන් බවත්, මේ වසරේ නව පත්වීම් සඳහා මුදල් වෙන් කර ඇති බවත්, දැනට ගුරු සේවයේ නිරතවන්නන්ගෙන් ගුරු අධ්‍යාපනඥ පත්වීම් ලබා දුනහොත්, අතිරේක වැය බරක් භාණ්ඩාගාරයට දැරීමට සිදු නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියි.
 
එමෙන්ම අනුකමිටුවෙන් ගත් 705 දෙනාගේ සම්මුඛ පරීක්ෂණ ලබන 26වැනි දින ආරම්භ කරන බවත්, අගෝස්තු මාසය අවසන්වීමට පෙර පත්වීම් ලබාදීම සිදුකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
 
ඊයේ (18) කොළඹ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.