රාජ්‍ය සේවයේ ස්ථීර රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුභාරංචියක්!

රාජ්‍ය සේවයේ ස්ථීර රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුභාරංචියක්!
පළාත් පාලන ආයතනවල තවමත් සේවය ස්ථිර කර නොමැති සේවකයන් කඩිනමින් ස්ථිර කිරීමට රජය පියවර ගෙන තිබේ..
 
කොන්ත්‍රාත් පදනම මත සේවය කරන, නිදහස් සේවක පදනම සහ වෙනත් සේවකයන් මෙම ස්ථිර කිරීම් සඳහා ඇතුළත් වන බව  පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.
 
ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද අමාත්‍ය වැඩිදුරටත් කියා සිටියි.
 
මේ වනවිට පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක් පවතියි..
 
එම පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට නියමිත අතර මේ වනවිට පළාත් පාලන ආයතනවල ස්ථිර නොවන සේවකයන් 10,000ක් පමණ සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
 

මෙම වැඩපිළිවෙළ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය කඩිනමින් ලබා ගන්නා බව ද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් කියා සිටියි.