විශේෂයෙන් වැඩබිම් සේවකයින් හා අනෙකුත් අය හැකි තරම් වතුර බොන්න

විශේෂයෙන් වැඩබිම් සේවකයින් හා අනෙකුත් අය හැකි තරම් වතුර බොන්න

මේ දිනවල පවතින අධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙස කාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් ඇදීමට කටයුතු කිරීමත් මේ දිනවල වඩාත් සුදුසු බව පවසන වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.

රටේ පවතින දැඩි වියලි කාලගුණික තත්ත්වය නිසා හැකි තරම් ජලය පානය කිරීම හා දහවල් කාලයේ හිරු රශ්මියට නිරාවණය වීම හැකිතාක් අඩුකළ යුතු අතර විවෘත වැඩබිම්වල සේවකයන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත්, පැය භාගයකට වරක්වත් සෙවන තිබෙන ස්ථානයක කෙටි විවේකයක් ගත යුතු බවටත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත.

විශේෂයෙන් දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කටයුතුවලට හා හිරු රෂ්මියට යොමු නොකර සිටීම වඩා හොඳ බව ද සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත.