ජ්‍යාත්‍යන්තර සාහිත්‍ය කලා උළෙලට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාට ආරාධනා

ජ්‍යාත්‍යන්තර සාහිත්‍ය කලා උළෙලට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාට ආරාධනා

නේපාල ජ්‍යාත්‍යන්තර සාහිත්‍ය කලා උළෙල දී මෙවර ශ්‍රී ලංකාව නියෝජනය සදහා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ට ආරාධනා ලැබී ඇත.

ලොව පුරා සාහිත්‍ය වේදීන් 300 අධික ප්‍රමාණයක් මෙයට සහභාගී වීමට නියමිතය. මෙය ආසියාවේ විශාලතම සාහිත්‍ය කලා උළෙලක් ලෙස ප්‍රකටය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ලෙස ද කටයුතු කරන ඒ මහතා විවිධ විෂයන් යටත් ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර කාව්‍යය රචනා කිහිපයක් ද පළ කොට ඇත.ඒවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද පල වී ඇත.

පුළුස්සා දැමූ පෝත් සහ ඔට්ටුව සහ මරණ දඩුවම ඒ මහතා විසින් රචිත  ආත්තන්තර කෙටි කතා පරිවර්තන කෘති දෙකකි.

ටෙලි සිනමා නිර්මාණ කිහිපයකම පිටපත් රචකයෙක් ලෙසද දායක වී ඇත.

නේපාල කත්මණ්ඩු නුවර ලබන සැප්තැම්බර් පළමු දා සිට ආරම්භ වන සාහිත්‍ය උලෙළ ට සහභාගි වීම සඳහා ඒ මහතා ලබන සතියේ දිවයිනේන් පිටත් වීමට නියමිත ය.