මහජන මුදල් අවභාවිතා කරමින් ඖෂධ මිලදී ගැනීම් වහා අත්හිටුවීමට මැදිහත් වන්නැයි වෛද්‍ය චමල් සංජීව ගෙන් අගවිනිසුරු ට පෙත්සමක්

මහජන මුදල් අවභාවිතා කරමින් ඖෂධ මිලදී ගැනීම් වහා අත්හිටුවීමට මැදිහත් වන්නැයි වෛද්‍ය චමල් සංජීව ගෙන් අගවිනිසුරු ට පෙත්සමක්

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකදී හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමෙන් පොදු දේපළ අයථා පරිදි නාස්ති කිරීමට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍ර විනිශ්චකාරවරයා වෙත විශේෂ පෙත්සමක් භාර දීම වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් සිදු කරනු ලැබීය.

අද වන විට රටේ සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට ලක්ව ඇති අතර විම සෞඛ්‍ය පද්ධතිය අර්බුදයට ප්‍රධාන හේතුව ආර්ථික අර්බුදය බව සෞඛ්‍ය පරිපාලකයන් ප්‍රකාශ කරති.

එහෙත් පසුගිය වසරක පමණ කාල සීමාවේදී ඉතා අඩු මිලකට ගුණාත්මක බවින් ඉහළ ඖෂධ නිවැරදි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන් හරහා මිලදී ගැනීමට හැකියාව පවතිත්දී දිගින් දිගටම වැඩි මිලට නිවැරදි ප්‍රසම්පාදන ක්‍රමයන් අනුගමනය නොකොට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ස්ථාවර සහතිකයන් ද ලබා නොගනිමින්  හදිසි ප්‍රසම්පාදන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ද රාජ්‍ය ඖෂධ සංස්ථාව ද  ඖෂධ නියාමන අධිකාරිය ද කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලි වෙයි. මෙයට ලබාදිය හැකි හොඳම නිදසුන නම් ප්‍රශ්න සහගත සෙෂු රෙක්සින් ප්‍රතිජීවක ඖෂධ වංචාව සහ අක්ෂි කාච වංචාව බව එම පෙත්සම මගින් පෙන්වා ඇත.

මෙම ප්‍රශ්න සහගත හදිසි ඖෂධ මිලදී ගැනීම් නිසා රටට වාර්ෂිකව අතිවිශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වන අතර නිවැරදි පරිදි ප්‍රසම්පාදන ක්‍රම හා ලියාපදිංචි කටයුතුවලින්ද තත්ත්ව සහතික වලින් තොරව ඖෂධ ගෙන්වීම නිසා සිදු වූ ජීවිත හානි සම්බන්ධව ද කරුණු සනාථ වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 28 අනුව පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම ද පොදු දේපළ අයථා ලෙස නාස්ති කිරීමට එරෙහිව ද ක්‍රියා කිරීමට පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්ට යටත්ව රජයෙ ලියාපදිංචි වගකිවයුතු වෘත්තීය සමිති සන්ධානයක් ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ත්ම පැහැදිලිව හා සාක්ෂි සහිතව සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියා වලින් මගින් ඖෂධ මිලදී ගැනීමට පුළුවන්කම තිබිය දී ප්‍රශ්න සහගත හදිසි ඖෂධ මිලදී ගැනීම් වලින් රටේ මහජනතාවගේ මුදල් බරපතළ ලෙස භාවිතා වන බවයි. දැනටමත් මේ සම්බන්ධව transparency international ආයතනය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක්ම අභියාචනාධිකරණය හමුවේ ද නඩු ගොනු කොට ඇත.

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය ඉතා බරපතළ මූලික අයිතිවාසිකමක් වන අතර අමාත්‍යවරයෙකුට හෝ නිලධාරීන්ට ස්වකීය පෞද්ගලික අභිමතය පරිදි  ගෙන්වීම හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම මානව ජීවිතය ද තර්ජනයට ලක් වන අතර එය සාපරාධී මනුෂ්‍ය කථනයන්ට තැත් කිරීමක් ලෙසද  එම වෘත්තිය සමිතිය පෙන්වා දි ඇත.

ආර්ථික අර්බුදය මුළුමනින්ම විසඳී නැති අවස්ථාවකදීද  ජනතාවගෙන් ලක්ෂ සියයකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර සමාජ අනාරක්ෂිත අවස්ථාවක පසුවන බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ වන මෙවන් අවස්ථාවකදී නිවැරදි ප්‍රසම්පාදන මූලධර්මයන් උල්ලංඝනය කරමින් හදිසි ඖෂධ මිලදී ගැනීම ඉතා බරපතළ සමාජ ඛේදවාචකයක් වන අතර මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කළද සාධාරණයක් ඉටු නොවුනු බැවින් ජනතාවගේ අවසාන ආරක්ෂකයා ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කිරීම් විශ්වාසයෙන් මෙම පැමිණිල්ල  ඉදිරිපත් කරනු බව එහි සඳහන් ය.

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයාද ලේකම්වරයාද රාජ්‍ය ඖෂධ සංස්ථාව සභාපතිවරයාද ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරීන් ද වගඋත්තරකරුවන් කොට මෙම පෙත්සම සම්බන්ධව අවධානය යොමු කොට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කරන ලෙස ඔබ තුමන් වෙත පැවරී ඇති බලතල අනුව කටයුතු කරන ලෙස ඉතා නිහතමානීව සහ යටහත් පහත් ලෙස ආයාචනා කර සිටිමු. තවද මෙය මේ රටේ රෝහල් පද්ධතිය තුළ තත්වයෙන් බාල ඖෂධ නිසා සිදුවන මනුෂ්‍ය ඝාතන වළක්වා ගැනීම සඳහා අප වෘත්තිය සමිති ව්‍යාපාරය දරන මානුෂීය ප්‍රයත්නයක් ලෙස ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස ඉල්ලා ඇත.

 දැනටමත් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් මෙම අක්‍රමික ඖෂධ ගනුදෙනු නිසා අහිමි වී ඇති බැවින් ඉතා ඉක්මනින් හා කඩිනමින් මෙම පෙත්සම කිරි අවධානය යොමු කරන ලෙසද වෛද්‍ය චමල් සංජීව මහතා අගවිනිසුරුවරයාගේ ඉල්ලා ඇත.