රතු කුරුසෙන් ඌව පළාත් රාජ්‍ය සේවකයන් සඳහා ප්‍රථමාධාර පිළිබඳව පුහුණව

රතු කුරුසෙන් ඌව පළාත් රාජ්‍ය සේවකයන් සඳහා ප්‍රථමාධාර පිළිබඳව පුහුණව

සෑම රාජ්‍ය ආයතනයකම විධිමත් ප්‍රථමාධාර පුහුණු ලාභියෙකු සිටිය යුතු බවත්, තම සේවා කාර්යාල පද්ධති ඇතුළත විවිධාකාර වූ හදිසි අනතුරුවලට සේවකයන් ලක්වීම හැමවිටම වාර්තා වන කාරණයක් වන නිසාවෙනි. එම නිසා සෑම රාජ්‍ය ආයතනයකම විධිමත් ප්‍රථමාධාර පුහුණුව ලද එක් සේවකයෙකු හෝ සිටීම ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව ආයතනවල ඉල්ලීම් පරිදි  රාජ්‍ය හා පෞද්ගලික අංශය  කාර්යාලවල සේවකයන් සඳහා දිවයින පුරා ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බව අබේසිංහ මහතා පෙන්වා දෙයි.

 ඌව පළාතේ මෙම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, මේ වන විට ලංකා විදුලිබල මංඩලයේ ඌව පළාත් කාර්යාලවල සේවක සේවිකාවන් තුන්සියයකට (300) ආසන්න පිරිසකට ද බදුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ හා බංඩාරවෙල ප්‍ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක පිරිසකට ද මෙම ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් පවත්වා ඇතැයි ද  ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ බදුල්ල ශාඛා විධායක ආර්.පී.ආර්.කේ.පියරත්න මහතා පවසයි.

ඉදිරියේ දී තවත් ආයතන පහක් මෙම පුහුණුව සඳහා අවස්ථාව ඉල්ලා ඇතැයි ප්‍රථමාධාර උපදේශකවරුන් වන ටී.ජී.එන්.කුමාර මහතා සහ ඩී.එම්.ඩබ්.බංඩාර යන  අය පවසති.