ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙනුත් ඔන්ලයින් පනතට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙනුත් ඔන්ලයින් පනතට එරෙහිව පෙත්සමක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔක්තෝම්බර් 03 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම සංගමය හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, හිටපු සභාපති හා කමිටු සාමාජික ලසන්ත රුහුණගේ හා භාණ්ඩාගාරික ටී. නඩරාසා අංක එස්සී එස්ඩී 67/2023 යටතේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙනී සිටීමට නියමිතය.