ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මණ්ඩප බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මණ්ඩප බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාවම උපාධිධාරින් බවට පත් කිරීමේ අරමුණින් දැනට ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා අනුගමනය කළ යුතු පරිපාලන හා නෛතික ක්‍රමවේදය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2019 12 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

එකී කමිටුවේ නිර්දේශ පරිදි දැනට පවතින ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 20න් 19ක් විශ්වවිද්‍යාල මණ්ඩප වශයෙන් උසස් කිරීමට සහ ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට අදාළව නීතිමය විධිවිධාන පැනවීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.