ඔබේ රැකියාව ආරක්‍ෂිත යැයි ඔබ සිතනවාද?

ඔබේ රැකියාව ආරක්‍ෂිත යැයි ඔබ සිතනවාද?

රටේ පවතින සමාජ ආර්ථික අර්බුදය නිසා ඔබට,

  • අතිකාල, පැමිණීමේ දීමනා සහ වෙනත් ගෙවීම් නතර කෙරෙනවා නම්
  • රස්සාවට නොපැමිණ සිටින්නට මූලික වැටුප පමණක් ගෙවනවා නම්
  • රස්සාව අහිමි වූවා නම්

ඒවා සාධාරණය කිරීමට නිෂ්පාදන වියදම ඉහළ යාම සහ උද්ධමනය නිසා විදේශ ඇණවුම් සියයට 30 කින් අඩුව ඇතැයි කියන්නේ ඒ වෙනුවෙන් නිශ්චිත සාධක, සාක්ෂි සමග කරුණු තහවුරු කිරීමකින් තොරවයි.

මේ ඇතිවන ඉතා අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ආණ්ඩුව ගන්නා පියවර ගැන කිසිදු සඳහනක් නැති අතර, සේවකයින් සම්බන්ධ නිවැරදි තොරතුරුද නැහැ. එනිසා එළෙස අසාධාරණයට පත්වන සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට අපි සූදානම් වෙනවා.

ඔබද එවැනි අසාධාරණයකට පත්වූ අයෙකු නම් ඔබගේ නම, සේවා ස්ථානය, සේවා අංකය, සහ ඔබගේ රැකියාව දැනටමත් අහිමිවී තිබේද, නැතිනම් වෙනත් රැකියා කප්පාදුවකට නතුව සිටීද පිළිබඳව නිවැරදි තොරතුරු මෙම ඔක්තෝම්බර 22 වන දිනට පෙර අප සංගමය වෙත තැපැල් මගින් හෝ වට්ස්ඇප් මගින් යොමු කරන්න.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

අංක 141, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.

වට්ස්ඇප් - 076 5128056