අපි අළුත් සෞඛ්‍ය ඇමතිවරයා තැඹිලි ලයිට් එක දාලා සාදරයෙන් පිළි ගන්නවා

අපි අළුත් සෞඛ්‍ය ඇමතිවරයා තැඹිලි ලයිට් එක දාලා සාදරයෙන් පිළි ගන්නවා

ඉස්සර තිබුණා ක්‍රමයක් සමාගම් වලට කොළ ලයිට් සහ රතු ලයිට් දාන. වෙච්ච විනාශය නවත්වන්නනම්, අළුත් ඇමතිවරයා හැම සමාගමකටම තැඹිලි පාට දාන කෙනෙක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඖෂධ සමාගමක සේවය කල කෙනෙක් විදිහට ඒ සැකය මතු නොවන විදිහට වැඩ කරන්න එතුමා විශාල මහන්සියක් ගන්න ඕනේ.

සෞඛ්‍ය සේවාව කියන්නේ ඖෂධ අධිකාරියයි, ඖෂධ සංස්ථාවයි, වෛද්‍ය සැපයීම් අංශයයි විතරක් කියලා හිතාගෙන වැඩ කරපු නිසා තමයි රඹුක්වැල්ල ඇමතිවරයාට වැරදුණේ.  සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය සහ රෝගීන්ගේ අවශ්‍යතාවයට වැඩි කාළයක් යොදවන්න අළුත් ඇමතිවරයාට පුළුවන් වෙන්න ඕනේ.

සෞඛ්‍ය පරිපාළනය 99%ක්ම වෛද්‍ය නිලධාරීන්. ඔවුන් අසීමිත ලෙස වෛද්‍ය නොවන වෘත්තීමය සේවාවන් පීඩාවට පත් කරනවා. අළුත් ඇමතිවරයාත් වෛද්‍ය නිළධාරියෙක් නිසා ඔහුගේ ක්‍රියා කලාපය ගැන අපි ඉතා සාවධානව බලාගෙන ඉන්නවා. වෛද්‍ය උපාධිය දැණුමට විතරක් තියාගෙන, බහුතර කාර්‍යමණ්ඩලයේ හැඟීම් එක්ක වැඩ කරන්න එතුමා අධිෂ්ඨානයක් තබා ගත යුතුයි.

| රවී කුමුදේශ්

සභාපති

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය