වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටත් එයින් ගැලවීමේ හැකියාවක් නෑ - රවී කුමුදේස්

වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටත් එයින් ගැලවීමේ හැකියාවක් නෑ - රවී කුමුදේස්

NMRA පනත ගැන තද අධික විශ්වාසයක් තියන ආනන්ද විජේව්ක්‍රමට අපිට දෙන්න පුළුවන් වෙන්නේ විවේචනාත්මක සහයෝගයක් පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේස් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.

ඒ මහතා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,  ඖෂධ ඒකාධිකාරයක් හැදීම, තනි පුද්ගල මතයට අනූව තීරණ ගැනීමට හැකිවීම වැනි අධිකාරී පනතේ ඇති දුර්වලතා හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ ඇතිවූ සියළු ගැටළු වලට පනත සහ එදා මෙදා එහි සිටි පාලකයින් වගකිව යුතුයි. වෛද්‍ය ආනන්ද විජේව්ක්‍රම මහතාටත් එයින් ගැලවීමේ හැකියාවක් නෑ.

විශේෂයෙන්ම රසායානාගාර උපකරණ, විකිරණ විද්‍යා උපකරණ ඇතුළු උපකරණ මිලදී ගැනීමේදී සහ රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුළු රසායන ද්‍රව්‍ය මිලදී ගැනීමේදී, අදාල පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සම්පූර්ණයෙන්ම ඉවත දමමින් තීරණ ගැනීම සඳහා පනතේ විධිවිධාන සකසා තිබීම පිළිබඳව පනත නිර්මාණය කල විජේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායම සෘජුව වග කිවයුතුයි.

එසේම, නියාමන අධිකාරියට පාලනය කිරීම සදහා දියුණු ක්‍රමවේද වෙත අවතීර්ණ වීමට, නියාමන විද්‍යාව, ප්‍රසම්පාදන විද්‍යාව, කළමනාකරණ විද්‍යාව ප්‍රගුණ කල අය අධිකාරියේ ප්‍රධාන නිල වලට පත් විය යුතුයි. එය සායනික විශේෂඥතාවයෙන් පමණක් විසඳීමේ හැකියාවක් නෑ.

ඒ නිසාම, සෞඛ්‍ය සේවාවේ තනතුරු වල වෙනසක් සිදු විම අත්‍යවශ්‍ය වුවද, සැබෑ ගැටලුව හඳුනා ගනිමි ඊට විසදුම් සෙවිය හැකි අය පත් කිරීම වෙනුවට, කුමක් හෝ වෙනසක්, දන්න අඳුනන අයට අවස්ථාව ලබා දීමක් සිදු වුවහොත්, සෞඛ්‍ය සේවාව නැවත විශාල අර්බුදයකට පත්වීම වලක්වන්න බෑ.

මෙම දුර්වලතා පිළිබඳව නව සභාපතිවරයා ගනු ලබන ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඉතා සුපරීක්ෂාවෙන් බලා සිටිනවා

හොර ඉමුයුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගමේ හිමි කරු සොයා ගැනීමට නොහැකි වුවහොත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඊට වග කිවයුතුයි

හොර ඉමියුනෝග්ලොබියුලින් රෝගී ශරීර වලට ඇතුලු කිරීම දක්වා සිදුවූ සම්පූර්ණ වංචාව සිදු කර ඇත්තේ, අවම තරමින් හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපතක් පවා නොමැතිව බව හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපත සොයා ගැනීමට නොහැකිවීම මගින් තහවුරු වෙනවා.