ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති කාන්තා නායිකාවන් කම්කරු නීති ප්‍රතිසංස්කරණ සඳහා තමන්ගේ අදහස් සලකා නොබැලීම ගැන විරෝධය පල කරයි

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති කාන්තා නායිකාවන් කම්කරු නීති ප්‍රතිසංස්කරණ සඳහා තමන්ගේ අදහස් සලකා නොබැලීම ගැන විරෝධය පල කරයි

ආසියාවට අවම වැටුපක් ( Asia Floor Wage Alliance)  සන්ධානයේ කාන්තා නායකත්ව කමිටුව විසින්  (නොවැම්බර් 01) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සඳහා කාන්තා නායිකාවන්ගේ අදහස් ඇතුළත් කර ගැනීම සඳහා නව අදහස් විමසීම් සිදු කරන ලෙසයි. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මේ වන තෙක් අදහස් ගැනීමේ  ක්‍රියාවලිය තුළ කාන්තා කම්කරු නායිකාවන් ගේ අදහස් ලබා ගැනීමක් සිදු නොකරන ලද බවයි.

කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් ආරම්භ කිරීමට මාස කිහිපයකට පෙර කම්කරු ඇමැතිවරයා විසින් ජාතික කම්කරු උපදේශන සභාවේ නියෝජිතයින් කිහිප දෙනෙක් ඉවත් කරන ලද අතර ඒ අතර ඉතිහාසයේ පළවෙනි වරට ජාතික කම්කරු උපදේශන සභාවට තේරී පත්වන ලද කාන්තා නියෝජිතවරිය වන ස්වස්ථිකා ආරුලිංගම් ද සිටී. ඒ අනුව කිසිදු කාන්තා නියෝජිතවරිය කට කම්කරු නීති ප්‍රතිසංස්කරණය සඳහා අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියට විධිමත්ව සහභාගී වීමට නොහැකි වන ලදි. ඒ අනුව ඇමැතිවරයා විසින් යෝජිත ප්‍රතිසංස්කරණය කම්කරු කාන්තාවන් ට අසමානුපතික ලෙස හානිකර ලෙස සකස් වී ඇත.

stand up සේවක වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් අශීලා දන්දෙනිය මහත්මිය

නව නීති කාන්තාවන්ගේ ශ්‍රම බලකා දායකත්වය වර්ධනය කිරීමේ අරමුණින් තමයි ගෙන එනවා කියන්නේ. තනි කම්කරු නීතිය සම්මත කිරීමටත් පෙර ඇමැතිවරයා ඉතා හදිසියේ රාත්‍රී වැඩ සඳහා ඇති සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරමින් ඉන්නවා. නමුත් අපි දන්නවා රාත්‍රී වැඩ සීමාවන් ඉවත් කිරීම නිසා ඇමැතිවරයා අපේක්ෂා කරන ලෙසට කාන්තාවන්ගේ ශ්‍රම බලකා දායකත්වය ඉහල යන්නේ නැහැ. මොකද කාන්තාවන්ට වැටුප් ලබන ශ්‍රමිකයින් ලෙස ශ්‍රම බලකායට සහභාගී වීමට නොහැකි ප්‍රධානම හේතුව වැටුප් නොගෙවන සුරැකුම් ශ්‍රමයයි. දරුවන්, වැඩිහිටියන් හා රෝගීන් බලා ගැනීම නිසා කාන්තාවන්ට රැකියා වලට යන්න ට නොහැකි වෙනවා. මෙම නීති සම්පාදකයින් ඇත්තටම කාන්තා නායිකාවන්ට හා කාන්තාවන්ට සවන් දුන්නා නම් ඔවුන්ට අවශ්‍ය රාත්‍රී වැඩ සීමා ලිහිල් කිරීම නොව මාතෘ හා පීතෘ නිවාඩු වැඩි කිරීම, සේවා යෝජකයින් හා රජය විසින් වැය දරන ළමා සුරැකුම් මධ්‍යස්ථාන බව ඔවුන්ටම තේරුම් යනු ඇති. ඇත්ත වශයෙන්ම කාන්තාවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳව නව නීති යෝජනා නිහඬයි. නමුත් ඇමතිවරයා හා හාම්පුතුන් දශක ගනනාවක් තිස්සේ ස්ත්‍රීන්ගේ ව්‍යාපාරය හෙලන ලද ශ්‍රමය සොරකම් කිරීමට ලෑස්ති වෙනවා. ඒ මෙම නීති කාන්තාවන්ට වඩාත් යහපත් යන මිත්‍යාව සමාජගත කිරීමටයි. අපේ ජීවිත වලින් අපි ඉගෙන ගෙන ඇත්තේ ඔවුන් කියනා දේ සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි. නව කම්කරු නීති මගින් කාන්තාවන් මත අර්ධ කාලීන රැකියා හා මැන් පවර් රැකියා පටවන ගමන් ස්ථිර රැකියාවල්  වලට ඇති සියලු ආරක්ෂාවන් ඉවත් කරනවා. අර්ධ කාලීන රැකියා සඳහා සම්පූර්ණ මාතෘ දීමනා හා සමාජ ආරක්ෂණ දායක ගෙවීම නොකිරීම මගින් ඇත්ත වශයෙන්ම සිදු කරන්න අඩු වැටුප් ගෙවන ප්‍රතිලාභ කප්පාදු කරන ලද රැකියා වෙත ගැහැණු තල්ලු කිරීමයි. කාන්තාවන් ට නම්‍යශීලී රැකියා අවශ්‍යයි. නමුත් ඒ අඩු වැටුප් හා අඩු ප්‍රතිලාභ සහිත රැකියා නෙවෙයි.

වාණිජ හා කාර්මික සේවක සංගමයේ, සභාපති නීතිඥ ස්වස්ථිකා ආරුලිංගම්

ප්‍රතිපත්ති සකස් කිරීම පිරිමින්ගේ වැඩක් බවට පත් වෙලා තියෙනවා. ඉතිහාසය තුළම ජාතික කම්කරු උපදේශන සහාවෙන් ස්ත්‍රීන් බැහැර කර තිබෙනවා. කම්කරු ඇමති මනූෂ නානායක්කාර ඉතාම සැක සහිත ලෙස මෙම කම්කරු නීති ගෙන ඒමට පෙර ජාතික කම්කරු උපදේශන සභාව තුළ සිටි එකම කාන්තාව එයින් ඉවත් කර දැම්මා. එම ඉවත් කිරීම ගැන අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කම්කරු නීති සකස් කිරීමේ ක්‍රියාවලියෙන් ස්ත්‍රීන් බැහැර කිරීම ගැන අපි ප්‍රශ්න කරනවා. 

 

ඩාබිඳු සාමූහිකයේ, විධායක අධ්‍යක්ෂිකා චමිලා තුෂාරි මහත්මිය

කාන්තා නායකත්වයක් සහිත වෘත්තීය සමිති වල අදහස් ලබා ගැනීමකින් තොරව සකස් කරන ලද නව කම්කරු නීති කම්කරු කාන්තාවන්ගේ වැටුප් මත විශාල විනාශයක් ඇති කිරීමට නියමිතයි. බහුතරයක් කාන්තාවන් වෙන ඇඟලුම් සේවිකාවන් ය මෙහි බලපෑම් විශේෂයෙන්ම තිබෙනවා. ඔවුන්ට වැටුප් කප්පාදු මෙන්ම දීර්ඝ වැඩ දිනයන් තමයි මෙම කම්කරු නීති ප්‍රතිසංස්කරණ මගින් නියම කර ඇත්තේ. ඇඟලුම් සේවිකාවන්ට ජීවත් විය හැකි වැටුපත් ඉපැයීම ට නම් අතිකාල දීමනා අත්‍යාවශ්‍ය වෙනවා. නමුත් යෝජිත නව නීති මගින් පැය 12, 16 හා 18 ක් දක්වා කාන්තාවන් ට අතිකාල නොගෙවා වැඩ කිරීමට බල කර සිටිනවා. නව නීති මගින් යෝජනා කරන්නේ අඩු වැටුප් වෙනුවෙන් ඉතා දීර්ඝ කාලයක් වැඩ කිරීමයි.

 

නිමි භාණ්ඩ , ඇඟලුම් හා රෙදිපිළි සේවක සංගමයේ, ප්‍රධාන සංවිධායිකා ලලිතා දේදුවකුමාර මහත්මිය

යෝජිත නව කම්කරු නීති වෘත්තීය සමිති ගත වීමට ඇති අයිතිය සම්බන්ධයෙන් බාධා කිරීමට උත්සාහ කරනවා. දැනටමත් නිදහස් වෙළඳ කලාප තුල සංවිධානය වීමට උත්සාහ කරන සේවක සේවිකාවන්ට එරෙහිව පලි ගැනීමේ ක්‍රියා සිදු වෙනවා. කාන්තාවන් සංවිධානය වීමට උත්සාහ කරන විට වාචික හා ලිංගික හා හිරිහැරයන්ට මුහුණ දීමට සිදු වෙන අවදානම ඉහළයි. එවැනි තත්ත්වයක් තුළ සංවිධානය වීමට ඇති අයිතිය වර්ධනය කිරීම වෙනුවට රජය එය ත තවදුරටත් බාධා ඇති කරමින් ඉන්නවා. මෙම නීතිය වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය සාමාජිකයින් ගණන 7 සිට 100 දක්වා වැඩි කර තිබෙනවා. අලුත් නීති මගින් වෘත්තීය සමිති වලට වර්ජනය කිරීමට ඇති නිදහසට බාධා කිරීම්ද සිදු කරනවා. වඩාත්ම අවදානම් ප්‍රතිසංස්කරණය අසාධාරණ කම්කරු පිළිවෙත් නිර්වචනය තුළට සේවා යෝජකයින් ට සිදු විය හැකි හිරිහැර ඇතුළත් කිරීමයි. වෘත්තීය සමිති ගත වීම් නිසාවෙන් මේ වෙන තෙක් සේවක සේවිකාවන්ට වන ලද බරපතලම හානිය රැකියාව අහිමි වීමයි. නමුත් මේ ප්‍රතිසංස්කරණය සමග ඔවුන් ව සිරගත කිරීම දක්වා පලි ගැනීමේ කියා වර්ධනය විය හැකියි. කාන්තාවන් දැනටමත් අවදානම් හා අභියෝගවලට මුහුණ දෙමින් තමයි වෘත්තීය සමිති ගත වෙන්නේ.