කැනඩා රැකියා සිහින පෙන්වා ලක්ෂ 5ක් වංචා කල අයෙක් කොටුවෙයි

කැනඩා රැකියා සිහින පෙන්වා ලක්ෂ 5ක් වංචා කල අයෙක් කොටුවෙයි

කැන­ඩා­වට යවන බව පවසා රුපි­යල් ලක්ෂ පහක මුද­ලක් වංචා කළ පුද්ග­ල­යෙකු ලබන නොවැ­ම්බර් මස 13 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ.

කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් පසුගිය 31 වෙනි දින මෙම සැකකරු සම්බන්ධයෙන්  මෙලෙස නියෝග කළ බව අප වාර්තාකරු පවසයි.

සාක්ෂි­ව­ලට බල­පෑම් කිරී­මක් සිදු විය හැකි බැවින් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොම්ප­ඤ්ඤ­වී­දිය පොලි­සිය විසින්  අධි­ක­ර­ණ­යට සැක­කරු ඉදි­රි­පත් කර­මින් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ පොලො­න්න­රුව පදිංචි රසික බණ්ඩාර නමැති පුද්ග­ල­යෙකි.

මොහො­මඩ් ෂෆීක් නමැති අයකු කළ පැමි­ණි­ල්ල­කට අනුව සිදු කළ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සැක­කරු පොලි­සි­යට පැමිණි බවත්, චෝද­නාව කියවා දී අත්අ­ඩං­ගු­වට ගත් බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.