සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවතින බැවින් ඒ තුල විකල්ප නොමැත - සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවතින බැවින් ඒ තුල විකල්ප නොමැත - සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවතින බැවින් ඒ තුල විකල්ප නොමැති බවත්, එම ක්ෂේත්‍ර වල කටයුතු කිරීමේ දී ඉතා වගකීමෙන් යුතුව මනා සම්බන්ධීකරණය හා කළමණාකරණය සදහා ප්‍රමූඛත්වය ලබාදිය යුතු බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරන ලදි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ ඖෂධ නියාමනය, සෑපයිම, බෙදාහැරීම හා සම්බන්ධ කරුණු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයුම් අංශයේ නිළධාරීන් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් සමග අද දින (03)  සෞඛ්‍ය අමාත්‍යාංශය්දී පැවති විශේෂ සාකච්ජාවකදීය.

එහිදී දේශිය මිලදී ගැනීම් ඉහළයාම හේතුවෙන් වාර්ෂිකව දේශිය මිලදී ගැනීම් සදහා වන මුදල ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ , රෝහල්වල දේශීය මිලදී ගැනීම් දිනෙන් දින වැඩි වීම හා එම මිලදී ගැනිම් පවතින මිලට වඩා මිලෙන් වැඩි විම හේතුවෙන්  වාර්ෂිකව දේශීය මිලදී ගැනීම් සදහා වන මුදල වැඩි වී තිබෙන බවත්,  එම හේතුවෙන් ජාතික ධනය විනාශ වන බවයි.

එම හේතුව නිසා මෙහි වෙනත් ව්‍යාපාර කටයුත්තක් සිදුවන බවට සාමාන්‍ය ජනතාවට සිතෙන බවත්,  අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සුදත් ධර්මරත්න, ඩි.ආර්.කේ හේරත්, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එම අංශයේ ප්‍රධාන ගණකාධිකාරි ශවේන්ද්‍ර කුරේ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක යන මහත්වරුන් ඇතුලුව වෛද්‍ය සැපයීම් අංශයේ සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අංශ ප්‍රධානීන් සහ නිලධාරින් එක්ව සිටියහ.