උප කුලපතිවරුන් පත් කිරීම සඳහා වෙනත් වැදගත් ක්‍රමයක් අවශ්‍යයි

උප කුලපතිවරුන් පත් කිරීම සඳහා වෙනත් වැදගත් ක්‍රමයක් අවශ්‍යයි

ජනාධිපති විසින් උප කුලපතිවරුන් පත් කිරීම අහෝසි කළ යුතුයි. එය දේශපාලනයට ඉඩ තැබීමකි. සබරගමුව වි.විද්‍යාලයට උප කුලපතිවරයෙකු ජනාධිපතිගේ තේරීම මත පසුගිය සතියේදී පත් කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරුද්ධවීම සාධාරණ විරෝධයකි.

උප කුලපතිවරුන් පත් කිරීමට විභාග පැවැත්වීමත් විහිළුවකි. එය වැඩිම ඡන්ද ගත් තිදෙනෙකුගෙන් ජනාධිපති පත් කිරීමට විභාගයක් පවත්වන්නාක් වැනි යැයි  මට එකවර සිතින.

විභාගයකින් වැඩිම ලකුණු ගත් පමණට විශ්වවිද්‍යාලයක් පමණක් නොව ජාතික පාසලක් පාලනය කළ හැකියැයි සහතිකයක් නැත. විභාග ඉහළින් සමත්වන අය නියත වශයෙන් පරිපාලනයට හා කලමනාකරණයට දක්ෂයින් නොවන නිසාය.

එනිසා උප කුලපතිවරයෙකු පත් කිරීමේ වඩා ප්‍රායෝගික හා දියුණු ක්‍රමයක්  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන යෝජනා කළ යුතුය.

| කුසල් පෙරේරා

2023 නොවැ.03