නුවරඑලිය තැපැල් කාර්යාලය

නුවරඑලිය තැපැල් කාර්යාලය

නුවරඑලිය තැපැල් කාර්යාලය යනු ලෝකය පුරා විහිදි සිටින සංචාරකයන්ගේ ශ්‍රී ලංකාවට අනන්‍ය වු  සංචාරක සලකුණකි. නුවරඑලිය නගරයේ නගර සංකේතයයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගෙන ඇත්තේ එය පැරණිතම තැපැල් කාර්යාලයක් බැවින් මිසක ගොඩනැගිල්ල නිසා නොවන බව අවධාරණය කරමි.

එබැවින් කිසිදු තොරතුරක් නොදන්නා , විකිනීම පමණක්ම ප්‍රතිපත්තිය කර ගත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.තවද මොහු ඊලගට සීගිරියද විකුණනු ඇත.

තැපැල් සේවකයන් සියළු දෙනාම , සිවිල් සංවිධාන හා නුවරඑලි ජනතාව මෙන්ම නුවරඑලිය තැපැල් කාර්යාලයට ආදරය කරන සියළු දෙනා එක්ව එලඹේන සදුදා දිනම ඒකාවන්ව මේයට විරුද්ධව පෙල ගැසිය යුතුයි.

ඒ වෙනුවෙන් තැවිනිස සභාපතිවරයා ලෙස මා ඔබ සමඟ පෙරමුණේ සිට ගන්නා බව වගකීමේන් ප්‍රකාශ කරමි.

ජනාධිපති ලේකම් ප්‍රමුඛ සමස්ථ පරිපාලන නිලධාරි වරුනි...

අද දින තැපැල්පතිවරයාට කල තර්ජනය හෙට දිනයේ ඔබටද සිදු වනු ඇත. දේශපාලන නායකයන්ගේ අතකොළු බවට  පත්වෙනවා වෙනුවට, ඔබට , මට වැටුප් ගෙවන ජනතාව වෙනුවෙන් ඔබගේ තනතුරේ ගරුත්වය රැක ගනිමින් කටයුතු කිරීමට ඔබට ආරාධනා කරමි.එය සමස්ථ රාජ්‍ය සේවයටම ආදර්ශයක් වනු ඇත.

එසේනම්,

අපේ උරුමය.... තැපැලේ උරුමය.... නුවරඑලි ජනතාවගේ අනන්‍යතාවය රැක ගැනීමට පෙල ගැසෙමු...

| ජී.ජී.සී. නිරෝෂණ,

සභාපති,

තැවිනිස.