ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩ බලන්න පත් කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩ බලන්න පත් කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට එම අධිකාරි‌යේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥ D. D. බුලත්සිංහල මහත්මිය (09) දින සිට පත්කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.

ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, එම පත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කර ඇති අතර මෙය අදාල තනතුරේ වැඩ බැලීම සදහා කරනු ලැබු පත් කිරීමකි.

එම තනතුර සදහා ස්ථිර පත්කිරීම නිසි ක්‍රමවේදයන්ට අනුකූලව ඉදිරියේ දී සිදුකරන බව සභාපතිවරයා වැඩිදුරටත් දන්වයි.