නුවරඑළිය තැපැල් කාර්යාලය බේරගන්න මහ සෙනගක්

නුවරඑළිය තැපැල් කාර්යාලය බේරගන්න මහ සෙනගක්

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් සඳහා ඉන්දීය සමාගමකට  ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව පුරා සැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පැමිණි පාර්ශව රැසක්  නුවරඑළියේදී අද දැවැන්ත උද්ඝෝෂණයක නිරතවූහ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය (04) දින පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාවය ලබාගෙන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට දරන උත්සාහයට විරෝධය දක්වා  මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

මෙම උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව පුරාවට ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන් හා තැපැල් සේවකයන් විශාල පිරිසක්, නුවරඑළිය නියෝජනය කරන අනෙකුත් රාජ්‍ය සේවයන්හි වෘත්තිය සමිති නියෝජිතයන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්, නුවරඑළියෙ ඒකාබද්ධ වෙළඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥ සංගම් නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසිහු විශාල පිරිසක් පැමිණ සිටියහ.

(ලංකාදීප)