අසාධාරණයට ලක්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින්ට කොළ එලි

අසාධාරණයට ලක්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින්ට කොළ එලි
  • වෛද්‍ය චමල්ටත් යලි  එක්වන්නැයි ඇරයුම්...

පසුගිය කාල සීමාවේදී රටේ සෞඛ්‍ය ප්‍රශ්න වල යථා ස්වරූපය පෙන්වා දෙන ලද සෞඛ්‍ය වෘත්තීය සම්පූර්ණ සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක් ක්‍රියාත්මක වන අතර එකී අසාදන ලක්ව ඇති වෘත්තිය සමිති නායකයින්ට තම අසාධාරණයට අදාළ සිදුවීම් තමන් වෙත දැනුම් දෙන ලෙස නව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව පැවති වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සමග පැවති සාකච්ඡාවේදී දී වෘත්තීය සමිති නායකයින්ට පවසා ඇත

සෞඛ්‍ය පද්ධතිය ප්‍රගමනය වෙනුවෙන්  අඩු පාඩු පෙන්වා දෙන වෘත්තීය සමිති නායකයින් සමග ඉදිරියේදී මාසිකව රැස්වී ප්‍රගති සමාලෝචන වැඩසටහන ක්‍රියාත්මක කරන බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කොට ඇත.

දැනටම රාජකාරි වැඩ තහනමකට ලක්ව සිටින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති නායකයින්ට නැවත රාජ්‍ය සේවයට එක්වීම සඳහා වන ලියකියවිලි තමන් වෙත භාර දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කොට ඇත.