ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුව

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුව

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ 2024 වර්ෂයේ වාර්ෂික හමුව (22) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දි පැවැත්විණි .

මෙම විධායක නිලධාරින්ගේ සංසදයේ වාර්ෂික හමුවේදි මෙරට රජයේ රෝහල්වලට වෛද්‍ය උපකරණ සැපයීමේ දී පැනනගින ගැටළු, සේවා කිරීමේ දී පවතින ගැටළු, අමතර කොටස් මෙරටට ගෙන්වා ගැනීමේදී ඇතිවන ගැටලු , ඩොලරය උච්චාවචනය විම නිසා නිසා ඇතිවුන ගැටළු, ආනයනකරුවන්ට බලපාන මූල්‍ය බරින් මිදීම සදහා රජයෙන් සහන ක්‍රියාමාර්ග ඉල්ලීම මෙන්ම පැනැගී තිබෙන ප්‍රායෝගික ගැටළු, පිළිබදව සාකච්ඡා කොට  ඒවාට කෙටි කාලීන , මධ්‍ය කාලීන  හා දීර්ඝ කාලීන විසදුම් ලබා ගනිමින් මෙරට ජනතාවට‌ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම ප්‍රධානතම  අරමුණ කර ගනිමින්   මෙම වැඩසහන පැවැත්විය .

සෞඛ්‍ය අමාත්‍යාංශ, මුදල් අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයින් මෙන්ම මෙම විෂයට අදාලව  කටයුතු කරන නියෝජිතයින් මෙම වැඩසටහන සදහා සහභාගි  වේ .

2015 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය සාමාජික ආයතනය 70 කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරණු ලබයි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.....

පසුගිය කාලයේදී ඇතිවුන ආර්ථික අර්බුදයත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් යම් පසුබෑමක් සිදු වූවත් මේ වන විට ඒ සියල්ල කළමනාකරණය කර ගනිමින් විධිමත් ගුණාත්මක සෞඛය සේවාවක් මෙරට ජනතාවට ලබා දෙන බවයි.

2015 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම සංගමයට වර්ෂ අටක ඉතිහාසයක් තිබෙන බව ද , මෙරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා සේවා සැපයීමෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන බවද පෙන්වා දුන්නේය.

මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍යය මිළ දී ගැනීම් වලදී  එම ක්‍රමවේදය ඉතා දිගු ක්‍රමවේදයක් බවත් ඊට යම් කාළයක් ගතවන බවත්, එයින් යම් පසු බෑමක් ද සිදුවන බවත්, පෙන්වා දුන් අමාත්‍යවරයා එම ක්‍රමවේදය ඩිජිටල්කරණය කිරීමට සැළසුම් කරන බවත්, එයට මොරටුව හා කොළඔ  විශ්ව විද්‍යාල වල සහය මෙන්ම අනෙකුත් ආයතන වල සහ ගෝලීය අරමුදලේ සහයද ලබාගෙන මෙම ක්‍රමවේදය විධිමත් කරන්න බලාපොරොත්තු වන බවද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, එක්ව  මෙරට රෝහල් වලට අවශ්‍යය සේවා මෙන්ම අනෙකුත්  සැපයීම් වලදී  එය කඩිනමින් සිදුකරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා එය සෑම විටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමිත නිර්නායක වලට අනුකූලව සිදු කරන බවත් සෑම විටම එයට උපරිම ශක්තිය ලබා දෙන බවද එය පිරිසිදු විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවද අවධාරණය කලේය.

සංගමයක් ලෙස ඔබට පවතින ගැටලු පිළිබදවද මෙහිදී කරුණු ඉදිරිපත් වුන අතර ඊට විසදුම් ලබා දීමටද කටයුතු කරන බවත්, අප සියලු දෙනාගේ අවසන් ප්‍රථිපලය විය යුත්තේ මෙරට ජීවත් වන ජනතාවට ගුණාත්මක , විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම වර්ෂය සදහා සෞඛ්‍ය සේවාවට රුපියල් බිලියන 410 ක් වෙන් කර තිබෙන බවත්, රුපියල් බිලියන 180 ක් වෛද්‍ය උපකරණ ලබා ගැනීමට වෙන් කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා වල සංවර්ධනය වෙනුවෙන් විශාල මුදළක් වාර්ෂිකව වෙන් කරන බවද අමාත්‍යවරයා අවසාන  වශයෙන්  පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාරත්න , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය සවීන් සේමගේ ,  ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ වත්මන් සභාපති ප්‍රදීප් අමරවර්ධන, උප සභාපති තිළක් ෆනෑන්ඩෝ, උප සභාපති ගිහාන් සෙනෙවිරත්න ,ලේකම් Clive C. james ,සහකාර ලේකම් ඩෙවින් ගුණවර්ධන ,හිටපු සභාපති එස්. ප්‍රභූ , භාන්ඩාගාරික සසින්ත  ෆනෑන්ඩෝ, යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ.