කුරුණෑගල වකුගඩු රෝගීන්ගේ මරණවලට හේතුව ප්‍රකාශයට පත් කරන්න - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

කුරුණෑගල වකුගඩු රෝගීන්ගේ මරණවලට හේතුව ප්‍රකාශයට පත් කරන්න - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

මීට මාස හයකට පමණ පෙර මහනුවර සහ පේරාදෙණි රෝහල්වල වකුගඩු කාන්දු පෙරන ඒකකවල රෝගී මරණ දහයක් විස්සත් අතර ප්‍රමාණයක් සිදුවූ අවස්ථාවේදී ඒ සම්බන්ධව විමර්ශනය කොට එම මරණ වලට හේතුව ප්‍රකාශයට පත් කරන්න යැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසෙල ගුණවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කළ නමුත් ඔහු ඒ සම්බන්ධව ප්‍රතිචාර  නොදැක්වීම කණගාටුවට කරුණක් බවත්  දැන් ඒ හා සමාන සිදුවීමක් කුරුණෑගල මහ රෝහලේ සිදු වී ඇති අවස්ථාවේදී අදාල විමර්ශන වාර්තා ජනතාවට දැනගත හැකි පරිදි ප්‍රකාශයට පත් කිරීම මගින් මෙවැනි සිදුවීම් තවදුරටත් සිදුවීම වළක්වා ගත හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

කුරුණෑගල මහ රෝහලේ වකුගඩු කාන්දු පෙරණය තුළ විෂබීජයක් වෙතර යාම නිසා රෝගීන් පස්දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගිය බව පසුගිය සිකුරාදා වාර්තා විය.

රෝගීන් පස්දෙනකුට අධික සංඛ්‍යාවක් දිනපතා මිය යනතුරු රෝහල් බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවත් අදාළ ඒකකය විසබීජයක් නිසා හෝ, භාවිතා කළ රසායන ද්‍රව්‍යවල හෝ ඖෂධවල  ගැටළුවක් නිසා හෝ යොදාගන්නා ජලය පිරිසුදු කිරීමේ ගැටලුවක් නිසා හෝ උපකරණ වල ගැටළුවක් නිසා හෝ මෙවන් ණ වකුගඩු කාණ්ඩු පෙරන එකකයක් තුළ සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධව පුළුල් විශ්ලේෂණාත්මක වාර්තාවක් සිදුකොට අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි

මෙරට සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය බිඳ වැටී ඇති අවස්ථාවකදී අදාළ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා ගෙනයන කටයුතුවලට අමාත්‍යාංශය අනෙකුත් නිලධාරීන්ගේද පූර්ණ සහයෝගය හිමිවිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රෝහල්වල වැරදි අඩුපාඩු සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ විකාශය වනතුරු බලා නොසිට ඒ ඒ අවස්ථාවලදී ක්‍රියාත්මක වීම ප්‍රාදේශීය රෝහල් පරිපාලකයන්ගේ වගකීම බවද ඔහු සඳහන් කළේය.