නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කිලිනොච්චි කාර්යාලයේ සේවයේ නියුතු මුරුගයියා තමිල් සෙල්වම් දෙසැම්බර් 26 වැනිදා සිය රාජකාරිය නිමවා යමින් සිටියදී ඔහුව පැහැර ගැනීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඔහුට පහර දී පලා ගොස් තිබුනි.
ඔහුගේ සේවා ස්ථානයෙන් නිවෙසට යමින් සිටියදී A9 මාර්ගයේ (යාපනය-මහනුවර මාර්ගයේ), කළු පාට ඩබල් කැබ් රථයක් ඔහුගේ මෝටර්සයිකලය හරස් කර නවත්වා “උඹ අපිව අඳුරන්නැද්ද" කියමින් රථයෙන් බැස ඔහුට පහරදී කැබි රථයට බලහත්කාරයෙන් ඇතුල් කිරීමට යන අවස්ථාවේදී ඔහුගේ කකුලක් රථයේ දොරට හිරවීම කැබි රථයට ඇතුළු කිරීමට නොහැකි වීම නිසාත්, අවට ජනතාවට එකතු වීමත් සමඟ ඔවුන් එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
මුරුගයියා තමිල්සෙල්වන් කිලිනොච්චි ප්‍රධාන රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ. ඔහුට පහරදුන් පුද්ගලයන්ගෙන් රියදුරා හඳුනාගත හැකි බව පැවසීය. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සිදුවන මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ගංජා වෙළඳාම පිළිබඳව මතු කළ කල්ලි සම්බන්ධයෙන් වාර්තා කිරීම හේතුවෙන් ඒ සම්බන්ධ පුද්ගලයන් මෙම පහර දීමට පැමිණි ඇති බවට සැක පළකරයි.
මුරුගයියා තමිල්සෙල්වන් පසුගිය වසර දෙක තුනක කාලය තුළ පරිසරය පිළිබඳ වාර්තා කිරීම සඳහා සම්මානය ලබා ඇති මාධ්‍යවේදියකි.
උතුරේ හා නැගෙනහිර මාධ්‍යවේදීන් ඉලක්ක කර දිනෙන් දින ප්‍රහාරවලට ලක්වීම හා මාධ්‍යකරණයේ යෙදීමට දැඩි බාධාවන් ලක්ව තිබේ.