රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල මෙන්ම පළාත් සභාවල කාර්යමණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවාගැනීම් සිදු කිරීමටත්, සේවා අවශ්‍යතා අනුව කාර්යමණ්ඩල නැවත ස්ථානගත කොට උපරිම සේවාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කරනු ඇත.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.